Sunday, July 17, 2016

28. ව්‍යාජ ගිණුම් *

බොහෝ ක්‍රම මගින් ව්‍යාජ ගිණුම් හඳුනාගත හැකි ය. ඡායාරූප පරික්ෂා කර බලන්න. එය එම පුද්ගලයා ද, නැත ද යන්න විමසා බලන්න.

මිනිසුන් ව්‍යාජ ගිණුම් සකස් කරන්නේ ඇයි?
1. සමාජ ජාල පරික්ෂා කර බැලීමට
2. අහිංසක විනෝදයක් ලබා ගැනීමට
3. facebook
4. දේශපාලන කටයුතු පිළිබඳ post කිරීමට
5. යමෙකුට අපහාස කිරීමට
6. අන්තර්ජාල අපරාදයක් කිරීමට
7. යමෙකුගේ අනන්‍යතාව සොරකම් කිරීමට
8. කෙනෙකු හැසිරවීමට
9. ආදර සම්බන්ධතාවන් ආරම්භ කිරීමට
10. නව මිතුරන් ඇතිකර ගැනීමට.
11.ප්‍රචාරන කටයුතු

ඔවුන් බොහෝ විට මුදල්, දේපළ ආදී වස්තූන් නිසා මිතුරන් බවට පත්වීමට පෙළඹේ.

ඔබේ අනන්‍යතාව හෝ වැදගත් තොරතුරු සොරකම් කරගෙන එමඟින් යමෙකු ඔවුන්ට අවැසි ලෙස හැසිරවීමට භාවිත කළ හැක.

ආගන්තුක අය සමඟ කතා කිරීමෙන් වළකින්න. friend requests අනුමත කිරීමට පෙර දෙවරක් සිතා බලන්න.

තවත් මිනිසුන් අළුත් මිනිසුන් මුණගැසීමට කැමැත්තක් දක්වයි u. ඔවුන්ගෙන් ප්‍රශ්න අසන්න.
ඔබට මගේ මිතුරකු වීමට අවශ්‍ය වන්නේ ඇයි? ඔබ මා ගැන සොයාගත්තේ කෙසේ ද?

රහස් පරීක්ෂක වැඩ ටිකක් කරන්න. ඔවුන්ගේ profile එකේ විස්තර සැලකිල්ලෙන් පරික්ෂා කරන්න. පාසල, රැකියාව, ලිපිනය, අනෙකුත් විස්තර ආදිය ගැලපේදැයි පරික්ෂා කර බලන්න. ඔවුන් කුමන ආකාරයේ අන්තර්ගතයක් සහිත දේ post කර ඇත්දැයි බලන්න. profile pictures පරික්ෂා කර බලන්න. එමගින් ඔවුන්ගේ ආකල්ප හා විශ්වාස පිළිබඳ දැකගත හැක. profile picture එක download කර ඒ පිළිබඳ google මගින් search කරන්න. එවිට එය අයත් වන්නේ වෙන කෙනෙකුට නම් ඔබට දැක ගත හැක.  

ඔවුන්ගේ නම් google එකේ search කර ලැබෙන්නේ කුමක්දැයි බලන්න. ඔවුන්ට සුලබ නමක් තිබේ නම් ඔවුන්ගේ වාසස්ථානය, වයස ආදී තොරතුරු රැස්කර ගන්න. ඔවුන් tags කර තිබේ ද? ඔහු සැබෑ කෙනෙක් නම් facebook මිතුරන් ඔහුව, කුමන හෝ tag කර තිබිය යුතු ය.

ඔවුන් ගෝලීය හෝ ප්‍රාදේශීය ද යන්න දැනගැනීමට ඔවුන්ගේ මිතුරන් පරික්ෂා කර බලන්න. ඔවුන්ට වැඩිපුර තම රටේ මිතුරන් සිටී නම් ව්‍යාජ ගිණුමක් විය නොහැක. නමුත් වැඩිපුර වෙනත් රටවල මිතුරන් සිටී නම් ව්‍යාජ ගිණුමක් විය හැක.

මෙම මිනිසුන් බොහෝ විට තරුණ කාන්තාවන් ලෙස පෙනී සිටියි. බොහෝ විට "මම දැක්කා ඔබගේ පින්තූරේ. එය බොහොම ලස්සනයි" යන වාක්‍යවලින් සංවාදය ආරම්භ කරනු ඇත.

ඔබට යමෙකු පිළිබඳ හොඳ හැඟීමක් නොමැති නම් request එක අවහිර කරන්න. ඉතාම සරල විසඳුම නම් friend request එක ප්‍රතික්ෂේප කිරීම නොව සම්පූර්ණයෙන් ම අවහිර කර දැමීමයි.

ඔවුන්ගේ facebook නම මත click කරන්න. ඉන්පසු Timeline එක වෙත පිවිසෙන්න. cover photo එකේ දකුණේ ඉහළ ඇති message setting වෙත පිවිස නැවත ඔබව සම්බන්ධ කරගත නොහැකි වන සේ අවහිර (block) කරන්න. නැත්නම් ඔවුන් ඔබට තර්ජනයක් හෝ නීතිවිරෝධි කටයුතුවල යෙදෙන බවට facebook එකට වාර්තා කළ හැක.

සමහර අවස්ථාවල දී මිතුරන්ගේ, මිතුරන් ඔබ සමඟ මිතුරු වීමට ඉල්ලා සිටියි. ක්‍රීඩා, නැටුම්, සංගීතය වැනි පොදු අභිරුචිය මත ඔවුන් මෙසේ කිරීමට පෙළඹේ. පරිවාස කාලයක් නිර්මාණය කර ඔවුන් නරඹන අය, post කරන අය, share කරන අය පිළිබඳ සැලකිල්ලට ගෙන අවශ්‍ය නම් මිතුරු වන්න. ඔවුන් සමඟ ඕනෑවට වඩා කථාකිරීමෙන් හෝ තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින්න.

ඔබ යමෙකුට අකමැති නම් ඔහුව unfriend කරන්න. ඔබ ඔහුව හොඳහැටි නොහඳුනන්නේ නම් ක්‍රමයෙන් ඔබව ආක්‍රමණය කළ හැක.

අන්තර් සම්බන්ධිත ව්‍යාජ ගිණුම් පිළිබඳ ප්‍රවේශම් වන්න. එක ම පුද්ගලයෙක් බොහෝ ව්‍යාජ ගිණුම් ප්‍රමාණයක් පවත්ගෙන යෑමේ ප්‍රවණතාවක් ඇත. මෙය වෙනත් බොහෝ මිනිසුන් සමඟ අන්තර් සබඳතාවක් පවත්වාගෙන යන බවට පෙන්නුම් කිරීමට ඉවහල් වේ. එයට හොඳම උදාහරණය නම් "Natalia Bursess" පිළිබඳ සිද්ධියයි.


https://www.youtube.com/watch?v=aeXEsuH0e0c

68. යමෙකු unfriend කිරීමට **

ඔබ යමකු unfriend කළ විට ඔහුට ඔබ මිතුරන් සමග share කරන photo දැකිය ෙනාහැකි අතර ඔහු share කරන photo ඔහුටද දැකිය ෙනාහැකිය. එනමුදු ඔබ unfriend කළ අයට ඔබ විසින් පොදුවේ share කරන ඡායාරූප දැකිය හැක.

27. අන්තර්ජාලය භාවිත කරන්නන් සඳහා ඉඟි කිහිපයක් *


1. ඔබේ නිවසේ ලිපිනය හෙළි නොකරන්න.

2. මුරපද භාවිතය, ගිණුම්, ජංගම දුරකථන, emails, credit card ඇතුළු සියලු දේ ආරක්ෂා කරයි.

කෙනෙකුට පහසුවෙන් අනුමාන කළ නොහැකි මුරපදයක් භාවිත කරන්න. සමීක්ෂණයක් මගින් තහවුරුව ඇති අන්දමට, බොහෝ මිනිසුන් තමන්ගේ උපන්දිනය, සුරතල් සතාගේ නම ආදී ඉතාමත් පහසුවෙන් අනුමාන කළ හැකි මුරපද භාවිත කරයි. අඩුම තරමේ characters 8 ක් වත්, කැපිටල් අකුරු සහ ඉලක්කම් ඇති මුරපදයක් භාවිත කරන්න. ඔබේ මුරපදය නිතරම වෙනස් කළ යුතු අතර වෙනත් කිසිවකු සමඟ හුවමාරු කිරීමෙන් වළකින්න.

3. ඔබේ රහස් ප්‍රශ්න වලට පහසුවෙන් පිළිතුරු දියනොහැකි විය යුතුය .

4. ඔබේ නම සහ දුරකථන අංකය භාවිත කරමින් අන්තර්ජාලයේ Google search කර බලා. යමෙකුට ඔබගේ විස්තර භාවිත කරමින් ව්‍යාජ Facebook හෝ blog එකක් නිර්මාණය කනොපවතින්න බව වග බලා ගන්න.

5. ඔබගේ විස්තර ඉල්ලා සිටින දුරකථන ඇමතුම්, email ආදිය පිළිබඳ සැලකිලිමත් වන්න.

බැංකු caller ID එකට සමාන caller ID එකකින් ඔබට ඇමතුම් ලැබිය හැක. බැංකු නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් ඔබගේ credit card  නොම්මරය, ජංගම දුරකථන අංකය ආදී පෞද්ගලික තොරතුරු 'cyber strcker' කෙනෙකුට පහසුවෙන් ලබාගත හැක. ඔබට යමක් ගැන සැක නම් වහාම එම ආයතනය අමතන්න. එමඟින් 'cyber strcker' කෙනෙක්ගේ ඉලක්කයක් ද, නැති ද යන වග දැක ගත හැක.

6. ඔබ හැඳුනුම්පත් අංකය ලබා දීමේදී සැමවිට අවශ්‍ය කුමකට ද, ඇයි ද? යන්න තහවුරු කරගන්න.

7. ඔබ අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීමට credit card භාවිත කරන්නේ නම් credit card වාර්තාව නිතර පරික්ෂා කරන්න.

8. ඔබ සහකරු, සහකාරිය ,පෙම්වතා, හෝ පෙම්වතිය හැර යනවා නම් ඔවුන්ට අනුමාන කළ හැකි මුරපද සියල්ල වෙනස් කරන්න.

ඔබට සැකසහිත දුරකථන ඇමතුමක් ලැබේනම් හෝ බැංකුවට පැහැදිළි කළ නොහැකි හිස් ගිණුමක් ඇතිනම් එය cyber stalker කෙනෙකුගේ ක්‍රියාවක් විය හැකි ය. එවිට ඔබගේ ගිණුම් හා බැංකු වෙනස් කළ යුතු ය.

9. ඔබ එවන් කෙනෙකුගේ ඉලක්කයක් බවට සැක නම් ඔබ වෘත්තීයවේදියෙක් ව ගෙන්වා ඔබගේ පරිගණකය පරික්ෂා කරන්න. ඔබ දැනටමත් cyber stalking සිදුවීම් අත්විඳ ඇත්නම් ඔබේ පරිගණකයට හානි සිදු වී තිබිය හැක. එවැනි අවස්ථාවක දී virus, spyware, key loggers ආදිය පිළිබඳ ඉතාමත් හොඳින් දන්නා කෙනෙකු ලවා පරිගණකය පරික්ෂා කළ යුතු ය.


10. ඔබට cyberstalk ප්‍රශ්නයක් තිබේ නම් කාලය, ස්ථානය, අවස්ථාව යනාදිය පිළිබඳ සටහන් තබා ගන්න. ඔබ හැකි ඉක්මනින් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනමෙන් ඔවුන්ට තවදුරටත් එවැනි දේ කිරීමේ උනන්දුව අඩු වේ.

11. cyber Stalking සිදුවන කාලය තුලදී හැකි තරම් මානසික සහය ලබාගන්න.
මෙම කාල පරාසය විශාල බියක් හා අවිස්වාසයක් අැතිවීම සාමාන්‍යය. ඔබ තනිවී අති ලෙසද දැනේවි


30. ක්ෂණික පණිවිඩ (IM) *

තරුණ තරුනයින් අන් කිසිවෙකුට වඩා "online chat" වල යෙදෙයි.

ඔවුන් facebook, viber, whatsapp ආදී බොහෝමයක් මේ සඳහා යොදා ගනී. ඔවුන් මිතුරන්, ගුරුවරුන්, දෙමාපියන් ආදී බොහෝමයක් සමඟ මෙමගින් සංවාදයේ යෙදෙයි. සමහර මෙවලම් ක්ෂණික පණිවුඩ (හඬ), ඡායාරූප හා වීඩියෝ දර්ශන සඳහා ඉඩ ලබාදේ.

මෙවැනි නියැලුම් භාවිත කිරීමේ දී නිතරම අන්තර්ජාලීය හිංසනය සහ cyber stalking අත්විදීමට සිදු වේ. මෙය නුසුදුසු සහ ගැටළුසහගත පණිවිඩ යැවීමට බාවිතා කල හැක.

මෙවැනි නියැලුම් භාවිත කිරීමේ දී වැරදි පුද්ගලයන් වෙත වැරදිමකින් පණිවිඩ යැවීමෙන් ගැටළු නිර්මාණය කිරීමට ද ඉඩ ඇත.

ප්‍රවේශම් නොවේ නම්, වෛරස් ද යැවිය හැක. යමක් වැරදුණහොත් IMඅනුරේඛනය කිරී, email භාවිතයට වඩා අපහසු වේ. ඊට හේතුව නම් මේවා සාම්ප්‍රදායික ශීර්ෂ භාවිත කිරීමයි. IM ගිණුම් බොහෝ නිදහස් වෙබ් අඩවි පදනම් කරගත් ගිණුම් මෙන් පහසුවෙන් විවෘත හෝ වසා දැමිය හැක. ඔබ ඇත්තට ම කවුද යන්න සාක්ෂියක් ඇති නොවේ.

IM භාවිතය තහනම් කිරීම හොඳ ක්‍රියාමාර්ගයක් නොවේ. එවිට තරුණ තරුනයින් ඔවුන් හුදකලා වූ බවක් හැඟේ. එවිට තම ප්‍රජාව තුළ සිදුවන්නේ කුමක්දැයි යන්න ඔවුන්ට දැන ගත හැකි නොවේ. එහිදී නාඳුනන අය සඳහා ප්‍රතිචාර නොදැක්වීම මෙන් ම අවභාවිතයන් පිළිබඳ වාර්තා කිරීම ද වැදගත් වේ.

26. ඔබත් අන්තර්ජාලීය හිංසනය සිදුකරන්නෙක් ද? **


සිත් ඇදගන්නා සොයා ගැනීමක් වන්නේ, හිංසකයන්ට ගොදුරු ව සිටින ඇතැමෙක් ද අන්තර්ජාලීය හිංසනයට දායක වීමයි. ඔබත් එවැනි හිංසකයෙක් ද යන්න සොයාගැනීම සඳහා පහත ප්‍රශ්නාවලිය සැලකිල්ලට ගන්න.



 




එවැනි දෙයක් ඔබ සිදුකර නොමැති නම් 0 ද, එක වරක් හෝ දෙවරක් සිදුකර ඇත්නම් 1 ද,
3-5 වාරයක් සිදුකර ඇත්නම් 2 ද, 5 කට වඩා සිදුකර ඇත්නම් 3 ලෙස ද ලකුණු ලබා දෙන්න.


  • ඔබ කවදා හෝ තොරතුරු රැස්කර ගැනීම සඳහා තව කෙනෙකුගේ නමකින් sign in වී තිබේ ද?
  • වෙනත් කෙනෙකුගේ විද්‍යුත් තැපැල් ගිණුමක් මගින් email එකක් හෝ සුබ පැතුම් පණිවිඩ යවා තිබේ ද?
  • වෙනත් අයෙකුසේ අන්තර්ජාලයේ පෙනී සිට ඇත් ද?
  • අන්තර්ජාලයේ යම් කෙනෙකුට සරදම් කර හෝ බය කර ඇත් ද?
  • පෞද්ගලික සංවාදයක් අනෙකාගේ අවසරයකින් තොර ව forward කර ඇත් ද?
  • වෙනතකු බයවෙන සේ, සමච්චලයට ලක්වන සේ, ඔබගේ profile එකේ තොරතුරු සකස් කර ඇත් ද?
  • අන් අයගේ කැමැත්තකින් තොර ව ඔවුන්ගේ පින්තූර post කර ඇත් ද?
  • වෙනත් අයෙකු හිරිහැරයට, අපහසුතාවයට පත්වන පරිදි ඔවුන්ගේ තොරතුරු පළ කර තිබේ ද?
  • අන්තර්ජාලයේ වෙනත් කෙනෙකුට අකාරුනික වචන කියා යවා ඇත් ද?
  • වෙනත් කෙනෙකුට අයත් ලෙස පෙනෙන සේ facebook ගිණුමක් හෝ email ලිපිනයක් සාදා ඇත් ද?
  • වෙනත් කෙනෙකුගේ පරිගණකයක් 'hack' කර හෝ virus එකක් යවා ඇත් ද?
  • 'chat' එකේ දී අපහාස කර ඇත් ද?
  • වෙනත් කෙනෙකු පිළිබඳ බොරු හෝ අශෝශන අදහස් පළ කර ඇත් ද?
  • අශෝභන හෝ හින්සාකාරී ආකාරයේ comment සිදු කර ඇත් ද?

0 – 1  අන්තර්ජාල සාන්තුවර

ඔබේ අන්තර්ජාල හැසිරීම විශිෂ්ටයි!එය දිගටම තබාගන්න!

2-10: අන්තර්ජාල අවදානම්
ඔව්, ඔබ සර්ව සම්පූර්ණ නොවේ. 
ඔබ ඉතා බැරෑරුම් දේ කර නොමැත. තව දුරටත් මෙලෙසම හැසිරීමෙන් ඔබ සතුටක් ලැබුවද
අන් අයට ඔබේ සතුට වේදනාවක් බවද මතක තබාගන්න!

 11-18: අන්තර්ජාලයේ පව්කාරකම
ඔබේ අන්තර්ජාල හැසිරීම වහාම දියුණු කරගන්න!ඔබ අන්තර්ජාලයේ කරන දේ අනතුරුදායක, වැරදි හා දඬුවම් ලැබිය හැකිබව මතක තබාගන්න.දැන්ම ඔබේ අන්තර්ජාල වාර්ථාව පිරිසුදු කරගන්න!

18 ට වැඩි අන්තර්ජාලයේ අකටයුත්තා
ඔබේ පරිගණකය සහ ජංගම දුරකථනය පසකට තමා වහාම උපදෙස් ලබාගන්න.ඔබ ඉතා වැරදි ගමන් මගක යයි.ඔබ අන්තර්ජාලයෙන් ඉවත්ව ඔබේ ක්‍රියාවලින් ඔබට, ඔබේ න්දිතයන්ට සිදුවන ප්‍රතිඵල‍ය ගැන සිතා බලන්න..

29. ව්‍යාජ ගිණුම්, අනුමාන කරන්නේ කෙසේ ද? *

  1. profile එකේ ඇති ඡායාරූපය නිරීක්ෂණය කරන්න. ඇත්තේ එක් ඡායාරූපයක් පමණක් නම් එය ව්‍යාජ ගිණුමක් විය හැක.
  2. "status updates, wall post" වලටබ අැති comments පිළිබඳ විමසා බලන්න.
  3. පරිශීලකයා එය බොහෝ කලක් තිස්සේ භාවිත කර නොමැති නම් එය ව්‍යාජ ගිණුමක් විය හැක
  4. පරිශීලිකයාගේ වර්තමාන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න. ඔහු කිසිම Group එකකට එකතු වී නැති නම් හෝ "page" එකකට like කර නොමැති නම් හෝ අළුත් මිතුරන් වැඩිපුර නොමැති නම් එය ව්‍යාජ ගිණුමක් විය හැක.
  5. මිතුරු ලයිස්තුව පරික්ෂා කර බලන්න. ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් විරුද්ධ ලිංගිකයින් නම් එය ව්‍යාජ ගිණුමක් විය හැක.
  6. තොරතුරු පරික්ෂා කර බලන්න. පාසල, අධ්‍යාපන ආයතනය, රැකියා ස්ථානය ආදිය පිළිබඳ නිවැරදි තොරතුරු හෝ සම්බන්ධයන් නොමැති නම් ව්‍යාජ ගිණුමක ලක්ෂණ පෙන්නුම් කරයි.
  7. උපන් දිනය පරික්ෂා කර බලන්න. 1/1/xx හෝ 31/12/xx ආදී ලෙස ටයිප් කිරීම තරමක් පහසුවේ.එය ව්‍යාජ ගිණුමක් විය හැක.
  8. Wall post දෙස බලන්න. ඒවාට comment කර ඇති පුද්ගලයන් හඳුනනවා දැයි බලන්න.
  9. ව්‍යාජ ගිණුමක් යැයි සැකකරනවා නම් profile picture එක ගූගල් ගිණුමේ image search කර බලන්න.

24. අන්තර්ජාලීය හිංසනය තුරන් කරන්නේ කෙසේ ද? *

අන්තර්ජාලීය හිංසනය යන්න කුමක්දැයි දන්නා වූ අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කළ යුතුය.

ශිෂ්‍යයින්, ගුරුවරුන් හා දෙමාපියන් අතර මේ පිළිබඳ විවෘත සංවාදයක් ඇතිවීමට උනන්දු කළ යුතුය.

අන්තර්ජාලීය හිංසන, විරෝධි ක්‍රියාමාර්ග හා ප්‍රකාශ පිළිබඳ පුළුල් ප්‍රසිද්ධියක් ලබාදිය යුතු ය.
මෙමඟින් එවැනි නරක හැසිරීම් වලින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ, සිසුන් දැනුවත් වේ.


අන්තර්ජාලීය හිංසනය පිළිබඳ පැමිණිලි මත සුදුසු හා ඵලදායි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

සුදුසු විසදුමක් ලබාගැනීමට  හිංසනය සිදුකරන තැනැත්තා හා එයට භාජනය වූ තැනැත්තා යන දෙදෙනා සඳහා ම උපදෙස් ලබාදිය යුතු වේ. වසඳුම් ලබාදීම සඳහා අධීක්ෂණ වැඩසටහන් ද ක්‍රියාත්මක කළ යුතුය.


හිරිහැර සිදුවන විට ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත්කළ යුතුය.

එමෙන් ම සමාජ ජාල වෙබ් අඩවිවල "Private Setting" පිළිබඳව ද සිසුන් දැනුවත් විය යුතුය.

දෙමාපියන් තම දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිළිබඳව සහ අන්තර්ජාලීය සන්නිවේදනය පිළිබඳ සැළකිලිමත් විය යුතුය.


අන්තර්ජාලීය හිංසනයට භාජනය වූ දරුවෙකු සාමාන්‍ය තත්වයට පත් වීම සඳහා පාසල් උපදේශකයකුගේ උපකාරය ලබාගත යුතුය.

විමර්ශන කටයුතු සිදු කිරීමේ දී හිංසනය සිදුකරන තැනැත්තා ඉදිරිපිට ප්‍රශ්න නොකළ යුතුය.

මෙවැනි ප්‍රශ්නයක් පිළිබඳ පන්තියේ සිසුන් දැනගත් විට, මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් අයෙකුට ඇතිවන හැඟීම් පිළිබඳ හා එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතුය.

දෙවැනි අවස්ථාවේ දී ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ යුතුය.එසේ නොවුවහොත් එය දිගින් දිගටම සිදුවිය හැක. හිංසන සැළකූ විට එයින් විශාල ප්‍රතිශතයක් වන්නේ පන්ති කාමර තුළය. එනිසා මෙවැනි හැසිරීම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය.

25. අන්තර්ජාලීය හිංසනය පිළිබඳ වාර්තා වූ විට *


සියලුම වාර්තා බරපතළ ලෙස සැලකිල්ලට ගෙන, විමර්ශන කටයුතු සිදුකර, අවශ්‍ය පියවර ගත යුතු ය. බොහෝ සිසුන් මෙවැනි කරදරයකට හසු වූ විට ඒ ගැන වාර්තා කිරීමට බිය වේ. ගැහැණු ළමයෙක් බොහෝ කාලයක් තිස්සේ මෙවැනි හිංසනයන්ට භාජනය වුවත්, මෙය පැවසූ විට තම දෙමාපියන් තමන්ට සමාජ ජාල වෙබ් අඩවි භාවිතය තහනම් කරනු ඇතැයි බියෙන් එය නොපවසයි.

මෙවැනි දේකට හසුවූ තැනැත්තෙකුට බැනීමෙන් වළකින්න. ඒ පිළිබඳ වාර්තා කිරීමට ධෛර්ය ලබා දෙන්න. මීට පෙර වාර්තා නොකළේ ඇයි දැයි යන්න ඇසීමෙන් වළකින්න. ඔහු ආරක්ෂිත බව හඟවා උපදෙස් ලබා දෙන්න. ඔබ මෙය වාර්තා නොකරන බවටත්, හිංසා කළ තැනැත්තාට දැනගන්නට නොතබන බවටත් සහතික වන්න.

හිංසා කළ තැනත්තා ඉදිරියේ කෝපයෙන් කටයුතු සිදු නොකළ යුතු අතර වැඩිහිටියන් සමඟ විවෘත සංවාදයක් පවත්වා ගත යුතු ය. පෙරලා සටන් කිරීමෙන් වළකින ලෙස ද දැනුවත් කළ යුතු ය. බොහෝ සයිබර් හිරිහැර මගින් විශාල මානසික බලපෑමක් සිදු නොකරයි. නමුත් මෙවැනි දේකින් කම්පනයට හෝ මානසික පීඩනයකට ලක්වූයේ නම් ඔවුන් පාසල් උපදේශකවරයකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු ය.

මෙවැනි ප්‍රශ්නයක් විසඳීමේ දී හිරිහැර කරන තැනැත්තාගේ හැසිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. බොහෝ විට ඔවුන් මෙවැනි දේකට පෙළඹෙන්නේ ඔවුන්ගේ යම්කිසි අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා ය.

  • සම වයසේ කණ්ඩායම්වල අවධානය, කීර්තිය, ප්‍රශංසාව, පිළිගැනීම ලබාගැනීම.
  • අන් අයට නින්දා, අපහාස සිදුකර ඔවුන් ව පාලනය කිරීම.
  • සමාජ, සංස්කෘතික, මානසික හෝ භෞතික වෙනස්කම් පිළිබඳ අවබෝධයක් නොමැතිවීම.


මෙවැනි හිංසනයන්ට භාජනය වූ ළමුන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය. ඔවුන් පිළිබඳ නිරීක්ෂණය කරන බව ඔවුන් ම දැකගත යුතු ය. ඔවුන්ගේ අනාගත ප්‍රතිඵල ගැන තහවුරු කළ යුතු ය.

තම දරුවා විඳින ඕනෑම හිරිහැර තත්ත්වයක් පිළිබඳ දෙමාපියන් දැනුවත් විය යුතු ය. ඔවුන් එම තත්ත්වයන්ගෙන් මුදාගැනීමේ ප්‍රධාන භූමිකාව ඇත්තේ ද ඔවුන් අත ය.

23.*අන්තර්ජාලීය හිංසනය ඕනෑම තැනක දී සිදුවිය හැක.


අන්තර්ජාලීය හිංසනය නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය යන්න කිසිදු වෙනසක් නොමැති ව ඒ සෑම තැනක දී ම එක සේ ක්‍රියාත්මක වේ. මෙම හිංසනය වැඩි වශයෙන් විශාල පාසල් තුළ සිදුවූවත්, සමස්ත ප්‍රතිශතය සැලකීමේ දී එම පාසල් පමණක් ම ඒ සඳහා දායක නොවේ.


පිරිමි ළමුන් මෙන් ම ගැහැණු ළමුන් ද මෙම හිංසනයන් ඉටුකිරීමට කැමැත්තක් දක්වයි. සමහර සමීක්ෂණ මගින් ගැහැණු ළමුන් අන් අයට සමාජීය වශයෙන් හිංසන සිදුකිරීමට වැඩි කැමත්තක් දක්වන බවට සොයාගෙන ඇත.

කුඩා ළමයෙකු පාසල් බස් රථයක් තුළ අඬන අවස්ථාවක, එය ඡායාරූප ගත කරගත් තවත් ළමයෙක් එය මුහුණු පොතට මුදාහැර ඇත. එම ඡායාරූපය හාස්‍යජනක වූ අතර, එය ශීඝ්‍රයෙන් හුවමාරු විය. මෙයින් එම කුඩා ළමයා ආපසු තම පාසලට යෑම ප්‍රතික්ෂේප කළේය. පසුව දෙමාපියන්, ඔහු ව වෙනත් පාසලකට ඇතුළත් කළ නමුත් ඔහු බොහෝ කාලයක් එම සිදුවීම පිළිබඳ වද වූයේ ය.

තමා පිළිබඳ උසස් ආත්ම විශ්වාසයක් නැති අයෙකුට මෙවැනි හිංසනයක් නිසා බොහෝ දේ අහිමිවීමට ඉඩ ඇත. මෙම සෘණාත්මක ස්වයං ඇගයීම ඔබගේ ජීවිතයේ බොහෝ පැතිකඩ කෙරෙකි බලපෑම් ඇතිකිරීමට ඉඩ ඇත.

මෙවැනි හිංසනයන් සිදුකරන්නන්ට තමන් පිළිබඳ කිසිඳු යහපත් හැඟීමක් නොමැති අතර අන් අය යටපත් කර තමන් වෙත බොරු ශක්තියක් ආරෝපණය කරගැනීමට උත්සාහ ගනී. මෙවැනි පුද්ගලයන් සමඟ වාද කිරීමේ ප්‍රතිඵලය වන්නේ තව තවත් අපහාස විඳීමට සිදුවීමයි.

13.*ඔබේ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් (Your Privacy rights )

අන්තර්ජාතිකව පොදු පෞද්ගලිකත්ව අයිතිවාසිකම් 

Intrusion and sedusion :- කැමැත්තකින් තොරව ඔබේ ශරීරය ස්පර්ශ කිරීම

Fais light :- සත්‍ය තොරතුරක් අසත්‍ය අකාරයෙන් වැඩි කර හෝ වෙනස් කර ප්‍රසිද්ධ කිරීම.
Information privacy :- පෞද්ගලික තොරතුරු අනාවරණය.

Right of publicity :- අවසරයකින් තොර ව වාණිජ අරමුණු සඳහා භාවිත කිරීම.

Impersonation :- වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම.

Privacy and data protection :- තමන් කැමති අය සමඟ පමණක් තොරතුරු හුවමාරු කරගැනීමේ අයිතිය.

ඔබ ගැනලබා දෙන තොරතුරු අතර ඔබගේ සත්‍ය නම, ලිපිනය, දුරකථන අංක, රැකියා තොරතුරු සහ ඔබට හඳුනා ගැනීමට උපකාරි වන වෙනත් තොරතුරු තිබිය යුතු ය.

facebook, google+ වැනි සමාජ ජාල හරහා තොරතුරු ලබාගැනීමේ දී ඉතාමත් සැලකිලිමත් විය යුතු ය. මෙහි දී ඔබට facebook privacy controls, google privacy භාවිත කළ හැක.

සමාජ වෙබ් අඩවි වලින් හිංසනය සිදුවන්නේ අල්ප වශයෙනි. නමුත් ඔබ වෙත ලැබෙන ඊමේල් මගින් ඔබව නොමඟ යැවීමේ විශාල ඉඩ ප්‍රස්තා ඇත.

21. හිංසකයෝ කවුරුන්ද?

ජනප්‍රිය හිංසකයෝ

  • මිතුරන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන, සමාජ බලපෑමක් කළ හැකි ජනප්‍රිය පුද්ගලයන් ය.
  • අනෙක් අය පාලනය කිරීමට කැමැත්තක් දක්වයි.
  • හිංසනය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරනු ලබයි.


රහසිගත හිංසකයෝ
  • මානසික පීඩනයට ගොදුරු වූ සංකව සහිත පුද්ගලයන් ය.
  • හීනමානයෙන් පෙළෙන පිරිසකි.
  • පාසල් කටයුතුවලට සහභාගිත්වය අඩු ය.
  • අන් අයගේ පීඩනයට ලක් වූවන් ය.
  • අන් අයගේ හැඟීම් සහ දැනීම් හඳුනන්නේ නැත.


සාමාන්‍ය හිංසකයෝ
  • යම් තරමකට දෙමව්පියන්ගෙන් ඈත් වූ පිරිසකි.
  • අන් අය ගැන සිතන්නේ වැරදි විදිහට ය.
  • ඉත ඉක්මනින් කෝපයට පත්වන අතර ඉක්මනින් කලකිරීමට ද පත්වෙයි.
  • නීති රීති පිළිපැදීමට අකමැති ය.

20. අන්තර්ජාල හිංසනයේ යෙදෙන්නන් හඳුනා ගැනීම.


අන්තර්ජාල හිංසනයේ යෙදෙන්නන් බොහෝ විට විවිධාකාර චර්යාමය ගැටලු සහිත පුද්ගලයන් ය. එවැනි පුද්ගලයින්,

  • පැහැදිලි හේතු නොමැති ව පාසල් පැමිණීමට අකමැත්තකක් දක්වන අතර මිතුරන්ගෙන් හුඳකලාව සිටියි.
  • නිතර, නිතර හිසරදය, උණ හෝ උදරාබාධ වැනි රෝග ඇති බව පවසයි.
  • අසාමාන්‍ය ආහාර පුරුදු හා නින්ද නොයෑම.
  • ස්වයංහිංසනය
  • මිතුරන් ඇසුර ප්‍රිය නොකරයි.
  • අධ්‍යයන කටයුතු සඳහා උනන්දුවක් නොදක්වයි.
  • දුක්මුසු පෙනුම, සියදිවි හානි කර ගැනීම ගැන ප්‍රකාශ කිරීම.
  • අඩු ජනප්‍රියතාවය
  • සමාජ සම්බන්ධතා මඳ වීම.

06. ඔබගේ බැංකු තොරතුරු, රහස්‍ය අංක යනාදිය ලබාදීමේ දී ඉතාමත් ප්‍රවේශම්කාරී විය යුතු ය.


ඔබ වෙත ලැබෙන වෛරස් සහිත ඊමේල් මගින් ඔබගේ පෞද්ගලික තොරතුරු හා රහස්‍ය අංක සොරකම් කළ හැකියි.

සමහර වෙබ් අඩවි මගින් ඔබගේ browserයට යම් යම් දේ එකතු කරනු ලබන අතර, ඇතැම් software වල spyware අඩංගු විය හැක.

අන්තර්ජාලය සැබැවින්ම ඉතාමත් ම අපූර්වජනක අවකාශයකි. මෙහි බුද්ධිමත් ව හා ක්‍රමවත් ව සැරිසැරීම මගින් ලබාගත හැකි ප්‍රතිලාභ අතිමහත් ය. දැනුම, තාක්ෂණය, විනෝදාස්වාදය සහ ජාත්‍යන්තර සබඳතා ඉන් කිහිපයකි.

එනමුත් වංක අරමුණු සහිත පුද්ගලයන් විසින් අන්තර්ජාලය වෙත මුදාහරිනු ලබන දේවල් ද අන්තර්ජාලය තුළ ඇත. නිවැරදි දෑ තෝරා බේරා ගැනීම ඔබ සතු වගකීමකි. නොදන්නා පුද්ගලයන් මිතුරන් ලෙස සම්බන්ධ කර ගැනීමෙන් අනිවාර්යයෙන් ම වැළකිය යුතු ය.

අන්තර්ජාලයට ද ආචාරධර්ම පද්ධතියක් ඇති අතර, ඒවා netiquette ලෙස හඳුන්වයි. මෙමගින් අන්තර්ජාලය තුළ පුද්ගලික ක්‍රියාකාරකම් පමණක් නොව electronic nature (විද්‍යුත් ක්‍රියාකාරම්) ද පාලනය කරනු ලබයි.

19. අන්තර්ජාල හිංසනය - නිදර්ශන

දෙදෙනෙකු දුරකථන සංවාදයක යෙදෙන අතර, එක් අයෙක් නොදැන තුන්වැන්නෙකු සම්බන්ධ වීම.

එකම පුද්ගලයෙකුට email හෝ ඡායාරූප යැවීම.

අප්‍රියජනක හා තර්ජනාත්මක email යැවීම, ඕපාදූප පළකිරීම, වර්ගවාදී ප්‍රකාශ පළකිරීම සහ යැවීම, කටකතා හුවමාරු කිරීම.

වෙනත් අයගේ ගිණුම්වලට හෙරෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම, වෛරස් පැතිරවීම හා හානිකර මෘදුකාංග ඇතුළත් කිරීම.

නිර්නාමික blog නිර්මාණය කර වෙනත් අයගේ කීර්තියට හානිවන පරිදි අපහාසාත්මක, නින්දාසහගත දෑ පළකිරීම. හිංසාකාරී comment පළකිරීම හා වීඩියෝ නිර්මාණය කිරීම.

එක්තරා තරුණියකගේ කලින් පෙම්වතා ඇගේ තොරතුරු යොදාගෙන ව්‍යාජ ගිණුමක් නිර්මාණය කර, සම්බන්ධතාවය බිඳී යාමට කලින් ලබාගත් ඡායාරූප යොදාගෙන ඇයව හිංසනයට පත්කිරීම .

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට පරිගණකය හඳුන්වා දීමට පුරෝගාමි වූ මහාචාර්ය වී.කේ. සමරනායක මහතාට 2006 වසරේ දී ව්‍යාජ වෙබ් අඩවියක් මගින් නිර්දය ලෙස පහරදීම හේතුකොටගෙන දැඩි සිත් තැවුලට පත්විය.

56. ඔබගේ පරිගණකය වෛරස් ප්‍රහාරයකින් බේරා ගන්නේ කෙසේද?

  • Internet භාවිතා කරන විට Firewall ක්‍රියාත්මක කරන්න.
  • අවශ්‍ය සියලුම මෘදුකාංග සහ පරිගණක මෙහෙයුම් පද්ධතිය update කරන්න.
  • යාවත්කාලීන වන ප්‍රති වෛරස පද්ධතියක් භාවිත කරන්න.
  • නොදන්නා අයගෙන් ලැබෙන විද්‍යූත් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින්න.
  • නොදන්නා ඇමුණුම් අන්තර්ගත දිගු විවෘත නොකරන්න.
  • ඊමේල් විවෘත කිරීමට පෙර පරිගණකය ස්කෑන් කරන්න.
  • නොදන්නා හෝ සැක සහිත වෙබ් අඩවි වෙත පිවිසීමෙන් වළකින්න.
  • නොදන්නා පාර්ශව සමඟ ඔබගේ තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින්න. (email passwords, Bank details)
  • download කිරීම සඳහා විශ්වාසවන්ත වෙබ් අඩවි භාවිත කරන්න.