Monday, January 25, 2016

අන්තර්ජාලය අප දන්නා ලෝකයේ බිහිවූ හොඳම නිර්මාණයයි.
අන්තර්ජාලයේ විවෘත බව හා ලෝක සම්බන්දතාවය නිසාම එහි හැසිරීම සහ ආරක්‍ෂාව ගැන නොදන්නා අයට  අනතුරුදායක ස්ථානයක්ද වී ඇත.  ඉන් වඩාත් වින්දිත වීමේ හැකියාව වැඩි යොවුන් වියේ ගැහැණු ළමයි අතරය.

 Take this Cyber Goodness Self Assesment Testමේ අත්පොත ශිල්ප සයුර විසින් ලෝක අන්තර්ජාල සංගමයේ සහයෙන් Respect Girls on Internet ව්‍යාපෘතිය සඳහා කරනු ලබයි.  හැමෝම එක්ක බෙදාගන්න, අදහස් පළකරන්න. මේ පණිවිඩය ඔබ නිවසට, පාසලට, නගරයට හා රටට ගෙන යන්න.

This handbook compiled by Shilpa Sayura Foundation Youth with the funding of ISOC (Internet Society) for the Respect Girls on Internet Project. Please use, share and comment freely. English Version

Visit Respect Girls on Internet project on Facebook on Internet Society

Thursday, December 24, 2015

(35) ඔබට යමෙකු මුහුණු පොතේ හිරිහැර කරන්නේද ?


  • ඔබට ඔවුන්ව Unfriend හෝ Block කළ හැකිය. Unfriend හෝ Block කළ බව ඔවුන්ට දැනගත නොහැකිය. ඉන්පසු ඔවුනට නැවත ඔබව මිතුරෙකු ලෙස ඇතුළත් කර ගැනීමට හෝ group එකට ඇතුළත් කිරීම comment කිරීමට හෝ ඔබ සමග chat කිරීමට ‍නොහැකිය.
  • එනමුදු ඔබ Block කළ අයෙකුට ඔබ Public Group වල share කරන දේ දැකිය හැකිය.
  • යමෙකු Block කිරීම ස‍දහා


දෙවැනි ක්‍රමය cover photo එකේ පහත දකුණු කෙළවර




යමෙකු unfriend කිරීමට


ඔබ යමකු unfriend කළ විට ඔහුට ඔබ මිතුරන් සමග share කරන photo දැකිය ෙනාහැකි අතර ඔහු share කරන photo ඔහුටද දැකිය ෙනාහැකිය. එනමුදු ඔබ unfriend කළ අයට ඔබ විසින් පොදුවේ share කරන ඡායාරූප දැකිය හැක.



ඔබගේ ඡායාරූපයක් Facebook එක මගින් හදුනා ගත්විට tag කළ යුතුද නැද්ද යන්න ඔබට තීරණය කළ හැකිය.



  1. Go to account settings
  2.  Timeline and tagging       
  3. Tap who sees tag suggestions when photos that look like you are uploaded
  4. Select non it you don’t want to anyone to get suggestions


(34) Facebook Tagging

Tagging යනුවෙන් හදුන්වනු ලබන්නේ ඔබ මෙන්ම ඔබගේ මිතුරන්ගේ ද Timeline එකේ පළවෙනපරිදි මුහුණත් පො‍තේ යමක් පළකිරීමය.

  • ඔබට ඔවුන්ගේ
ඔබ යමෙකුගේ ඡායාරූපයක් tag කළ විට ඔහුටම ඔහුගේ මිතුරන්ටද එය දැකිය හැකිය. ඔබට tag කළ මිතුරා හැරුණු විට වෙනත් අය දැකීම වැළැක්වීමට හැකිය. ඒ සදහා facebook එකට ඇතුලු වී photo වෙත පිවිසෙන්න. Guide menu එක විවර කරන්න → custom → unselect friends
  • ඔබට ඡායාරූපයකට tag වීමට අනවශ්‍ය නම් ,
Open photo → open menu → remove
  • ඡායාරූපය ඔබගේ හා ඔබගේ මිතුරන්ගේ timeline වල තිබිය හැකි අතර එය මිතුරන්ට නැරඹිය හැකිය. ඔබට තවදුරටත් එම ඡායාරූප facebook එකේ නොතිබිය යුතු නම්

Open menu  → select I don’t like this photo → select I’m in this photo and  I don’t like it
(හේතුව සදහන් කරන්න) ඉන්පසු එම ඡායාරූපය පළ කල පුද්ගලයාට එය ඉවත් කර ගන්නා ලෙස දන්වා පණිවිඩයක් යවන්න. මෙය ඡායාරූපයක් ඉවත් කිරීමට ගත හැකි හොදම ක්‍රියාමාර්ගයයි.

Sunday, October 25, 2015

(14) Email එවන්නේ කවුරන් විසින් කමකටද?

Email සමග පැමිණෙන තර්ජන සමබන්ධයෙන් ඔබෙ දැඩි අවධානය යොමුකළ යුතය.
ඔබගේ බැංකවෙන් ලැබෙන විද්‍යුත් පණිවුඩයකට සෑම අතින්ම සමාන එහෙත් වෙනත් URL එකක් සහිත විද්‍යුත් තැපැල් පණිවුඩයක් මගින් ඔබගේ බැංක විස්තර Password ආදී තොරතුරු ඉල්ලා සිටිනු ඇත. ඔබගේ බැංකවෙන් ලැබෙන ඉල්ලීමක් යයි සිතා අදාල තොරතුරු යැපීමට පෙළඹෙනු ඇත. ලැබෙන email වල url සමබන්ධව ඉතා පරික්ෂාකාරී වන්න. එවිට ඔබ රැවටිමවලට හසු නොවනු ඇත.
තවද ඔබ දන්නා හදුනන අයෙක් විසින් ඔහු හෝ ඇය විදේශ රටකදී කරදරයට පත්වු බව දන්වා මුදල් ඉල්ලා සිටිය හැක.
අප්‍රිකානු රටවලින් ලැබෙන email මගින් ඔබගේ සහභාගිත්වය සහ ආධාර ඉල්ලා සිටිනු ඇත. මේ සදහා ඔබට විශාල කොමිස් මුදලක් ද ලබාදීමට පොරොන්දු වනු ඇත. මෙවන් අවස්තාවලදී ද වඩාත් ප්‍රවෙශමකාරී විය යුතුය.
වෛරස් සහිතව ලැබෙන email මගින් ඔබගේ පෞද්ගලික තොරතුරු මුරපද ආදිය සොරකම කරනු ඇත. සටහනේ වෙබ් අඩවි මගින් ඔබගේ බ්‍ර‍වුසරය වෙත ඔත්තසේවා මෘදුකාංග(spyware) එක් කරනු ඇත. පසුව එම තොරතුරු අවභාවිත කිරිමෙ හැකියාව ඔවුන්ට ඇත.

  • අන්තර්ජාලය තරුණ පිරිස් දැනුම,අධ්‍යාපනය ,විනෝදාස්වාදය ලබන ඉතා අපුර්ව තැනක් ලෙස හදුනාගෙන ඇත. එනමුදු ඔවුන් වෙත පැමිණෙන තර්ජනද බොහෝ. සමාජ වෙබ අඩවි තුළ ඔබට හමුවන පුද්ගලයින් සමග සබදතා ඇති කරගැනිමෙදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. අන්තර්ජාලය තුළ සිටින බිලියන ගණනක් සාමාජිකයින් අතර ,යම් ප්‍ර‍මාණයක් හානිකර පුද්ගලයන්ද සිටිය හැක. මොවුන් සමබන්ධයෙන් කටයුතු කිරිමට නිතීමය ප්‍ර‍තිපාදන ඇත.
  • අන්තර්ජාලය හා අදාල මත නිතිරිති සමුදායක් ද ඇත. මෙවා netiquettes ලෙස හැදින්වේ. මෙහි අන්තර්ජාලයේ සිදුවන සබදතා පිලිබඳ පමණක් නොව, ඉලෙක්ට්‍රොනික ක්‍රියාදාමය පිලිබඳ මාර්ගෝපදේශ අඩංගවේ.

(15) මෙම විද්‍යුත් තැපැල් නීති අනුගමනය කරන්න.

  • ඔබම හදුනාගන්න.
  • ආවරණය සහිතව email එක ආරම්භක කරන අතරම ඔබගේ නම යොදමින් අවසන් කරන්න.
  • පණිවිඩය අවසානයේ අත්සනක් යොදන්න.
  • මාතෘකාවක් ඇතළත් කරන්න. පණිවිඩය විස්තරාත්මක වන ලෙස අර්ථවත් වැකියක් පණිවිඩ ශිර්ෂයේ යොදන්න.
  • සෝපහාස ඉදිරිපත් කිරීමෙන් වලකින්න. ඔබ ගැන නොදන්නා අය එහි අර්ථය වැරදි ලෙස ගත හැක.
  • අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. මුල් කතෘගේ අවසරයකින් තොරව පෞද්ගලික විද්‍යුත් තැපැල් පණිවිඩ උපුටා ගැනිම හෝ forward කිරීමෙන් වලකින්න.
  • email එක ලැබුණු බව තහවුරු කරන්න.
  • ප්‍රවෙශමෙන් පිටපත් කරගන්න. අවශ්‍ය අයට පමණක් එම පිටපත් යොමුකරන්න.
  • spam කිරීමෙන් වලකින්න. තේරුමක් නොමැති විස්තර , කටකතා ආදිය අන්තර්ජාලයට එක් කිරිමෙන් හෝ ඒවාට දායක වීමෙන් වළකින්න.

(16) සමාජ ජාල වල පිළිපැදිය යුත ආචාරධර්ම

ස්වයං හදුනාගැනිමෙන් තොරව තමා මිතුරෙකු මෙන් පිළිගන්නා ලෙස ඉල්ලීමෙන් වළකින්න.
නන්නාදුනනා ආගන්තුකයින් මිතුරන් ලෙස පිළිගැනීමෙන් වළකින්න. එසේ කළහොත් ඔබට මෙන්ම ඔබගේ මිතුරියන්ටද හානි සිදුවිය හැක.
ඔබේ මිතුරන්ට රසික පිටුවට පිවිසෙන මෙන් නැවත නැවත ඉල්ලීම කිරීමෙන් වළකින්න.
ඔබේ මිතුරන්ගේ පින්තුර අනයවශ්‍ය පරිදි post කිරීමෙන් වළකින්න. එය ඔවුන්ගේ රැකියාවන්ට පවා තර්ජනාත්මක විය හැක.
යමෙක් මිතුරෙකු ලෙස පිළිගැනීමට ඔබ බැදි නැති අතර කැමති නම් පමණක් පිළිගත හැක. යමෙකු  නැව ත නැවත ඉල්ලා සිටිනවානම්  ඔහු ගැන පරීක්ෂාකර බලා තීරණයක් ගැනීම අනිවාර්යයි.
ඔබේ facebook ගිණුම හා twitter ගිණුම සමබන්ධ කිරීම දුෂ්කරය. ඔබ ප්‍රවෙශමෙන් මෙය නොකළහොත් ඔබේ තොරතුරු මිතරන්ගේ newsfeed අනවශ්‍ය ලෙස පණිවිඩ ලෙස යා හැක.
twitter ජාලයේ ව්‍යාවහාරයක් සහ tags නිසියාකාරයෙන් භාාවිත කරන්න් කෙසේද යන්න තේරුම් ගත යුතුය.
නැවත ඔබගේ විස්තර tweet කිරීම නුසුදුය. ඒ සමබන්ධව උනන්දුවන මිතරෙක් සිටි නම් ඔවුන් tweet කරනු ඇත. ඔබගේ comments  සාධාරණ සහ නිර්මාණශීලි විය යුතු වන අතර තර්ක විවෙචන වලින් වලකින්න.