Sunday, July 17, 2016

19. අන්තර්ජාල හිංසනය - නිදර්ශන

දෙදෙනෙකු දුරකථන සංවාදයක යෙදෙන අතර, එක් අයෙක් නොදැන තුන්වැන්නෙකු සම්බන්ධ වීම.

එකම පුද්ගලයෙකුට email හෝ ඡායාරූප යැවීම.

අප්‍රියජනක හා තර්ජනාත්මක email යැවීම, ඕපාදූප පළකිරීම, වර්ගවාදී ප්‍රකාශ පළකිරීම සහ යැවීම, කටකතා හුවමාරු කිරීම.

වෙනත් අයගේ ගිණුම්වලට හෙරෙන් ඇතුළු වී දත්ත වෙනස් කිරීම, වෛරස් පැතිරවීම හා හානිකර මෘදුකාංග ඇතුළත් කිරීම.

නිර්නාමික blog නිර්මාණය කර වෙනත් අයගේ කීර්තියට හානිවන පරිදි අපහාසාත්මක, නින්දාසහගත දෑ පළකිරීම. හිංසාකාරී comment පළකිරීම හා වීඩියෝ නිර්මාණය කිරීම.

එක්තරා තරුණියකගේ කලින් පෙම්වතා ඇගේ තොරතුරු යොදාගෙන ව්‍යාජ ගිණුමක් නිර්මාණය කර, සම්බන්ධතාවය බිඳී යාමට කලින් ලබාගත් ඡායාරූප යොදාගෙන ඇයව හිංසනයට පත්කිරීම .

උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට පරිගණකය හඳුන්වා දීමට පුරෝගාමි වූ මහාචාර්ය වී.කේ. සමරනායක මහතාට 2006 වසරේ දී ව්‍යාජ වෙබ් අඩවියක් මගින් නිර්දය ලෙස පහරදීම හේතුකොටගෙන දැඩි සිත් තැවුලට පත්විය.

56. ඔබගේ පරිගණකය වෛරස් ප්‍රහාරයකින් බේරා ගන්නේ කෙසේද?

  • Internet භාවිතා කරන විට Firewall ක්‍රියාත්මක කරන්න.
  • අවශ්‍ය සියලුම මෘදුකාංග සහ පරිගණක මෙහෙයුම් පද්ධතිය update කරන්න.
  • යාවත්කාලීන වන ප්‍රති වෛරස පද්ධතියක් භාවිත කරන්න.
  • නොදන්නා අයගෙන් ලැබෙන විද්‍යූත් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින්න.
  • නොදන්නා ඇමුණුම් අන්තර්ගත දිගු විවෘත නොකරන්න.
  • ඊමේල් විවෘත කිරීමට පෙර පරිගණකය ස්කෑන් කරන්න.
  • නොදන්නා හෝ සැක සහිත වෙබ් අඩවි වෙත පිවිසීමෙන් වළකින්න.
  • නොදන්නා පාර්ශව සමඟ ඔබගේ තොරතුරු හුවමාරු කරගැනීමෙන් වළකින්න. (email passwords, Bank details)
  • download කිරීම සඳහා විශ්වාසවන්ත වෙබ් අඩවි භාවිත කරන්න.

Tuesday, June 28, 2016

(38) facebook වෙළඳ දැන්වීම්


දැන්වීම් ප්‍රචාරණය මගින් මුහුණත් පොත මගින් ආදායම් උපදවනු ලබයි. ඔබ වෙත ලැබෙන Ads පාලනය කළ හැකිය. ඒ සඳහා ඉහළ දකුණු කෙළවරේ,
select add
     ↓
Why am I seeing this?
ඔබට යම් ආකාරයකට ලැබෙන advertisements පාලනය කළ හැකි ය. ඔබට යම් අයෙකුගෙන් ලැබෙන advertisements නැවැත්වීමට අවශ්‍ය නම් ඒ සඳහා
Open menu in the upper right corner of the ad
                                   ↓
Select, “Hide all from this advertisements
මෙය ඔබට පොතක ads .... වෙනස් නොකරයි. එහෙත් ඔබට උචිත ads තෝරාගත හැක. මේ ආකාරයෙන් news feed එකේ පෙනෙන දේ ඔබට අවශ්‍ය සකසා ගත හැක.

(37) facebook search, likes and comment

Fb search : යමෙකු ඔබ ගැන search කළ විට ඔවුන්ට දකින්න ලැබෙන දේ ඔබට අවශ්‍ය ලෙස වෙනස් කළ හැකි ය.

Likes and comments : ඔබ අනෙක් අයගේ post වලට යොදන likes සහ comments යම් කෙනෙක්ට දැකිය හැකි ආකාරයට සකස් කළ හැකි ය.

ඔබට යමෙකුගේ post දැකීමට අවශ්‍ය නම් ඔවුන්ට ඔබගේ close friend list එකට ඇතුළත් කරගන්න. ඔබට අවශ්‍ය නම් ඔවුන් post එකක් යොදන සැමවිට ම එය පිළිබඳ notification එකක් ලැබෙන ආකාරයට සැලැස්විය හැක.

ඔබ කැමති pages වල post news feed වල පළවෙයි.

ඔබ වෙත යමෙකුගෙන් ලැබෙන post පිළිබඳ ගැටලුවක් ඇත්නම් ඔබ ඒවා unfollow කිරීම මගින් නතර කළ හැක.

පුද්ගලයන් සහ pages, unfollow කළ විට ඔවුන් වෙත දැනුම් දීමක් කරනු නොලබයි. ඔබට කැමති අවස්ථාවක නැවත follow කිරීමට ද හැකි ය. ඒ සඳහා දකුණුපස පහළ කෙළවරේ (cover photo එකේ) “following”, click කරන්න.

එක් එක් පුද්ගලයාගේ news feed එකිනෙකට වෙනස් ය. එය facebook එකේ ඔබගේ ක්‍රියාකාරකම් මත රඳා පවතී.

(36) facebook මිතුරන්ගේ නාමාවලිය


බොහෝ යෞවනයන් facebook මිතුරන් තෝරාගැනීමේ දී ප්‍රවේශම් ව ක්‍රියා කළ යුතු ය. ඔවුන් තමන්ගේ පන්තියට හෝ සමාජ තත්ත්වයට ගැළපුනත් සැළකිලිමත් විය යුතු ය.

එහෙත් බොහෝ යෞවනයන් තමන්ගේ ජනප්‍රියතාව වැඩිදියුණු කරගැනීම සඳහා facebook මිතුරන් ප්‍රමාණය ද වැඩිකර ගැනීමට පෙළඹී සිටිති.ඔබ ඔවුන් පෞද්ගලික ව නොහඳුන්නේ නම් මෙය එතරම් නුවණට හුරු දෙයක් නොවේ. ඒ කෙසේ වුවත්, මීට පෙර කථා කර හෝ මුණගැසී නොමැති යහළුවන් බොහෝ ප්‍රමාණයක් මට ද සිටී. එයට හේතුව නම්, ඒ අප හැමදෙනාම ඇලුම් කරන දේ බෙදා හදා ගැනීමයි. මෙම ඇතැම් පුද්ගලයන් සමඟ වඩාත් මිත්‍රත්වය පිළිබඳ යමෙකු ඔබ ගැන සොයන විට දී දැනගත හැක.

ඔබට අවශ්‍ය නම් ඔබගේ මිතුරන්ගේ නාමාවලිය සැඟවිය හැක. පහත පියවරවල් අනුගමනය කිරීමෙන් කළ හැක.
Log into facebook on a computer
                ↓
Go to your own profile
                ↓
Open friend tab
                ↓
Choose edit privacy (on the menu in the upper right corner of the friend tab
               ↓
Pick the audience for your friend list
               ↓
Choose only it you don’t want anyone else to see your friend list.


ඔබගේ මිතුරන්, ඔවුන්ගේ මිතුරු නාමාවලිය පාලනය කරන බැවින් ඔබට ඔවුන්ගේ මිතුරන් ලෙස සිටිය හැක.

ඔබගේ මිතුරකු නොවන යමෙකු ඔබ ගැන සෙවීමේ දී ඔවුනට දැකගැනීමට ලැබෙන දේ රඳා පවතින්නේ ඔබගේ privacy setting මතයි. ඔබගේ public profile එක ඔබගේ නම, Gender, profile picture, cover photo, user ID, ඔබ සිටිනා groups ආදී සියලු විස්තර පෙන්නුම් කරනවා. ඕනෑම කෙනෙකුට ඔබගේ public profile එක දැකගත හැකයි.

(34) Facebook tagging *

Tagging යනුවෙන් හඳුන්වන්නේ ඔබගේ මෙන් ම ඔබගේ මිතුරන් ද Timeline එකේ පළවෙන පරිදි මුහුණත්පොතේ යමක් පළකිරීමය.

ඔබට ඔබව Tag කිරීමට හැකි අය නම් කල හැක.

ඔබ යමෙකුව ඡායාරූපයක Tag කළ විට ඔහුට හා ඔහුගේ මිතුරන්ට ද එය දැකිය හැකි ය.

ඔබට Tag කළ මිතුරා හැරුණු විට වෙනත් අය දැකීම වැළැක්වීමට ද හැකි ය.

ඒ සඳහා facebook එකට ඇතුළු වී,
photo වෙත පිවිසෙන්න.
Audience menu එක විවර කරන්න. → custom → Unselect friends.

ඔබට ඡායාරූපයකට Untag වීමට අවශ්‍ය නම්,

open photo → open menu → remove

ඡායාරූපය, ඔබගේ සහ ඔබගේ මිතුරන්ගේ timeline වල තිබිය හැකි අතර එය මිතුරන්ට නැරඹිය හැකි ය. ඔබට තවදුරටත් එම ඡායාරූපය facebook එකේ නොතිබිය යුතු නම්,

open menu →
select, I don’t like this photo →
select I’m in this photo and I like it. (හේතුව සඳහන් කරන්න)

ඉන්පසු එම ඡායාරූපය පළකළ පුද්ගලයාට එය ඉවත් කරගන්නා ලෙස දන්වා පණිවිඩයක් යවන්න. මෙය ඡායාරූපයක් ඉවත්කිරීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගයයි.

Monday, January 25, 2016

අන්තර්ජාලය අප දන්නා ලෝකයේ බිහිවූ හොඳම නිර්මාණයයි.
අන්තර්ජාලයේ විවෘත බව හා ලෝක සම්බන්දතාවය නිසාම එහි හැසිරීම සහ ආරක්‍ෂාව ගැන නොදන්නා අයට  අනතුරුදායක ස්ථානයක්ද වී ඇත.  ඉන් වඩාත් වින්දිත වීමේ හැකියාව වැඩි යොවුන් වියේ ගැහැණු ළමයි අතරය.

 Take this Cyber Goodness Self Assesment Testමේ අත්පොත ශිල්ප සයුර විසින් ලෝක අන්තර්ජාල සංගමයේ සහයෙන් Respect Girls on Internet ව්‍යාපෘතිය සඳහා කරනු ලබයි.  හැමෝම එක්ක බෙදාගන්න, අදහස් පළකරන්න. මේ පණිවිඩය ඔබ නිවසට, පාසලට, නගරයට හා රටට ගෙන යන්න.

This handbook compiled by Shilpa Sayura Foundation Youth with the funding of ISOC (Internet Society) for the Respect Girls on Internet Project. Please use, share and comment freely. English Version

Visit Respect Girls on Internet project on Facebook on Internet Society