Sunday, July 17, 2016

24. අන්තර්ජාලීය හිංසනය තුරන් කරන්නේ කෙසේ ද? *

අන්තර්ජාලීය හිංසනය යන්න කුමක්දැයි දන්නා වූ අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කළ යුතුය.

ශිෂ්‍යයින්, ගුරුවරුන් හා දෙමාපියන් අතර මේ පිළිබඳ විවෘත සංවාදයක් ඇතිවීමට උනන්දු කළ යුතුය.

අන්තර්ජාලීය හිංසන, විරෝධි ක්‍රියාමාර්ග හා ප්‍රකාශ පිළිබඳ පුළුල් ප්‍රසිද්ධියක් ලබාදිය යුතු ය.
මෙමඟින් එවැනි නරක හැසිරීම් වලින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ, සිසුන් දැනුවත් වේ.


අන්තර්ජාලීය හිංසනය පිළිබඳ පැමිණිලි මත සුදුසු හා ඵලදායි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

සුදුසු විසදුමක් ලබාගැනීමට  හිංසනය සිදුකරන තැනැත්තා හා එයට භාජනය වූ තැනැත්තා යන දෙදෙනා සඳහා ම උපදෙස් ලබාදිය යුතු වේ. වසඳුම් ලබාදීම සඳහා අධීක්ෂණ වැඩසටහන් ද ක්‍රියාත්මක කළ යුතුය.


හිරිහැර සිදුවන විට ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත්කළ යුතුය.

එමෙන් ම සමාජ ජාල වෙබ් අඩවිවල "Private Setting" පිළිබඳව ද සිසුන් දැනුවත් විය යුතුය.

දෙමාපියන් තම දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිළිබඳව සහ අන්තර්ජාලීය සන්නිවේදනය පිළිබඳ සැළකිලිමත් විය යුතුය.


අන්තර්ජාලීය හිංසනයට භාජනය වූ දරුවෙකු සාමාන්‍ය තත්වයට පත් වීම සඳහා පාසල් උපදේශකයකුගේ උපකාරය ලබාගත යුතුය.

විමර්ශන කටයුතු සිදු කිරීමේ දී හිංසනය සිදුකරන තැනැත්තා ඉදිරිපිට ප්‍රශ්න නොකළ යුතුය.

මෙවැනි ප්‍රශ්නයක් පිළිබඳ පන්තියේ සිසුන් දැනගත් විට, මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් අයෙකුට ඇතිවන හැඟීම් පිළිබඳ හා එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතුය.

දෙවැනි අවස්ථාවේ දී ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ යුතුය.එසේ නොවුවහොත් එය දිගින් දිගටම සිදුවිය හැක. හිංසන සැළකූ විට එයින් විශාල ප්‍රතිශතයක් වන්නේ පන්ති කාමර තුළය. එනිසා මෙවැනි හැසිරීම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය.

25. අන්තර්ජාලීය හිංසනය පිළිබඳ වාර්තා වූ විට *


සියලුම වාර්තා බරපතළ ලෙස සැලකිල්ලට ගෙන, විමර්ශන කටයුතු සිදුකර, අවශ්‍ය පියවර ගත යුතු ය. බොහෝ සිසුන් මෙවැනි කරදරයකට හසු වූ විට ඒ ගැන වාර්තා කිරීමට බිය වේ. ගැහැණු ළමයෙක් බොහෝ කාලයක් තිස්සේ මෙවැනි හිංසනයන්ට භාජනය වුවත්, මෙය පැවසූ විට තම දෙමාපියන් තමන්ට සමාජ ජාල වෙබ් අඩවි භාවිතය තහනම් කරනු ඇතැයි බියෙන් එය නොපවසයි.

මෙවැනි දේකට හසුවූ තැනැත්තෙකුට බැනීමෙන් වළකින්න. ඒ පිළිබඳ වාර්තා කිරීමට ධෛර්ය ලබා දෙන්න. මීට පෙර වාර්තා නොකළේ ඇයි දැයි යන්න ඇසීමෙන් වළකින්න. ඔහු ආරක්ෂිත බව හඟවා උපදෙස් ලබා දෙන්න. ඔබ මෙය වාර්තා නොකරන බවටත්, හිංසා කළ තැනැත්තාට දැනගන්නට නොතබන බවටත් සහතික වන්න.

හිංසා කළ තැනත්තා ඉදිරියේ කෝපයෙන් කටයුතු සිදු නොකළ යුතු අතර වැඩිහිටියන් සමඟ විවෘත සංවාදයක් පවත්වා ගත යුතු ය. පෙරලා සටන් කිරීමෙන් වළකින ලෙස ද දැනුවත් කළ යුතු ය. බොහෝ සයිබර් හිරිහැර මගින් විශාල මානසික බලපෑමක් සිදු නොකරයි. නමුත් මෙවැනි දේකින් කම්පනයට හෝ මානසික පීඩනයකට ලක්වූයේ නම් ඔවුන් පාසල් උපදේශකවරයකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු ය.

මෙවැනි ප්‍රශ්නයක් විසඳීමේ දී හිරිහැර කරන තැනැත්තාගේ හැසිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. බොහෝ විට ඔවුන් මෙවැනි දේකට පෙළඹෙන්නේ ඔවුන්ගේ යම්කිසි අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා ය.

  • සම වයසේ කණ්ඩායම්වල අවධානය, කීර්තිය, ප්‍රශංසාව, පිළිගැනීම ලබාගැනීම.
  • අන් අයට නින්දා, අපහාස සිදුකර ඔවුන් ව පාලනය කිරීම.
  • සමාජ, සංස්කෘතික, මානසික හෝ භෞතික වෙනස්කම් පිළිබඳ අවබෝධයක් නොමැතිවීම.


මෙවැනි හිංසනයන්ට භාජනය වූ ළමුන් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය. ඔවුන් පිළිබඳ නිරීක්ෂණය කරන බව ඔවුන් ම දැකගත යුතු ය. ඔවුන්ගේ අනාගත ප්‍රතිඵල ගැන තහවුරු කළ යුතු ය.

තම දරුවා විඳින ඕනෑම හිරිහැර තත්ත්වයක් පිළිබඳ දෙමාපියන් දැනුවත් විය යුතු ය. ඔවුන් එම තත්ත්වයන්ගෙන් මුදාගැනීමේ ප්‍රධාන භූමිකාව ඇත්තේ ද ඔවුන් අත ය.

23.*අන්තර්ජාලීය හිංසනය ඕනෑම තැනක දී සිදුවිය හැක.


අන්තර්ජාලීය හිංසනය නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය යන්න කිසිදු වෙනසක් නොමැති ව ඒ සෑම තැනක දී ම එක සේ ක්‍රියාත්මක වේ. මෙම හිංසනය වැඩි වශයෙන් විශාල පාසල් තුළ සිදුවූවත්, සමස්ත ප්‍රතිශතය සැලකීමේ දී එම පාසල් පමණක් ම ඒ සඳහා දායක නොවේ.


පිරිමි ළමුන් මෙන් ම ගැහැණු ළමුන් ද මෙම හිංසනයන් ඉටුකිරීමට කැමැත්තක් දක්වයි. සමහර සමීක්ෂණ මගින් ගැහැණු ළමුන් අන් අයට සමාජීය වශයෙන් හිංසන සිදුකිරීමට වැඩි කැමත්තක් දක්වන බවට සොයාගෙන ඇත.

කුඩා ළමයෙකු පාසල් බස් රථයක් තුළ අඬන අවස්ථාවක, එය ඡායාරූප ගත කරගත් තවත් ළමයෙක් එය මුහුණු පොතට මුදාහැර ඇත. එම ඡායාරූපය හාස්‍යජනක වූ අතර, එය ශීඝ්‍රයෙන් හුවමාරු විය. මෙයින් එම කුඩා ළමයා ආපසු තම පාසලට යෑම ප්‍රතික්ෂේප කළේය. පසුව දෙමාපියන්, ඔහු ව වෙනත් පාසලකට ඇතුළත් කළ නමුත් ඔහු බොහෝ කාලයක් එම සිදුවීම පිළිබඳ වද වූයේ ය.

තමා පිළිබඳ උසස් ආත්ම විශ්වාසයක් නැති අයෙකුට මෙවැනි හිංසනයක් නිසා බොහෝ දේ අහිමිවීමට ඉඩ ඇත. මෙම සෘණාත්මක ස්වයං ඇගයීම ඔබගේ ජීවිතයේ බොහෝ පැතිකඩ කෙරෙකි බලපෑම් ඇතිකිරීමට ඉඩ ඇත.

මෙවැනි හිංසනයන් සිදුකරන්නන්ට තමන් පිළිබඳ කිසිඳු යහපත් හැඟීමක් නොමැති අතර අන් අය යටපත් කර තමන් වෙත බොරු ශක්තියක් ආරෝපණය කරගැනීමට උත්සාහ ගනී. මෙවැනි පුද්ගලයන් සමඟ වාද කිරීමේ ප්‍රතිඵලය වන්නේ තව තවත් අපහාස විඳීමට සිදුවීමයි.

13.*ඔබේ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් (Your Privacy rights )

අන්තර්ජාතිකව පොදු පෞද්ගලිකත්ව අයිතිවාසිකම් 

Intrusion and sedusion :- කැමැත්තකින් තොරව ඔබේ ශරීරය ස්පර්ශ කිරීම

Fais light :- සත්‍ය තොරතුරක් අසත්‍ය අකාරයෙන් වැඩි කර හෝ වෙනස් කර ප්‍රසිද්ධ කිරීම.
Information privacy :- පෞද්ගලික තොරතුරු අනාවරණය.

Right of publicity :- අවසරයකින් තොර ව වාණිජ අරමුණු සඳහා භාවිත කිරීම.

Impersonation :- වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටීම.

Privacy and data protection :- තමන් කැමති අය සමඟ පමණක් තොරතුරු හුවමාරු කරගැනීමේ අයිතිය.

ඔබ ගැනලබා දෙන තොරතුරු අතර ඔබගේ සත්‍ය නම, ලිපිනය, දුරකථන අංක, රැකියා තොරතුරු සහ ඔබට හඳුනා ගැනීමට උපකාරි වන වෙනත් තොරතුරු තිබිය යුතු ය.

facebook, google+ වැනි සමාජ ජාල හරහා තොරතුරු ලබාගැනීමේ දී ඉතාමත් සැලකිලිමත් විය යුතු ය. මෙහි දී ඔබට facebook privacy controls, google privacy භාවිත කළ හැක.

සමාජ වෙබ් අඩවි වලින් හිංසනය සිදුවන්නේ අල්ප වශයෙනි. නමුත් ඔබ වෙත ලැබෙන ඊමේල් මගින් ඔබව නොමඟ යැවීමේ විශාල ඉඩ ප්‍රස්තා ඇත.

21. හිංසකයෝ කවුරුන්ද?

ජනප්‍රිය හිංසකයෝ

  • මිතුරන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු ලබන, සමාජ බලපෑමක් කළ හැකි ජනප්‍රිය පුද්ගලයන් ය.
  • අනෙක් අය පාලනය කිරීමට කැමැත්තක් දක්වයි.
  • හිංසනය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරනු ලබයි.


රහසිගත හිංසකයෝ
  • මානසික පීඩනයට ගොදුරු වූ සංකව සහිත පුද්ගලයන් ය.
  • හීනමානයෙන් පෙළෙන පිරිසකි.
  • පාසල් කටයුතුවලට සහභාගිත්වය අඩු ය.
  • අන් අයගේ පීඩනයට ලක් වූවන් ය.
  • අන් අයගේ හැඟීම් සහ දැනීම් හඳුනන්නේ නැත.


සාමාන්‍ය හිංසකයෝ
  • යම් තරමකට දෙමව්පියන්ගෙන් ඈත් වූ පිරිසකි.
  • අන් අය ගැන සිතන්නේ වැරදි විදිහට ය.
  • ඉත ඉක්මනින් කෝපයට පත්වන අතර ඉක්මනින් කලකිරීමට ද පත්වෙයි.
  • නීති රීති පිළිපැදීමට අකමැති ය.

20. අන්තර්ජාල හිංසනයේ යෙදෙන්නන් හඳුනා ගැනීම.


අන්තර්ජාල හිංසනයේ යෙදෙන්නන් බොහෝ විට විවිධාකාර චර්යාමය ගැටලු සහිත පුද්ගලයන් ය. එවැනි පුද්ගලයින්,

  • පැහැදිලි හේතු නොමැති ව පාසල් පැමිණීමට අකමැත්තකක් දක්වන අතර මිතුරන්ගෙන් හුඳකලාව සිටියි.
  • නිතර, නිතර හිසරදය, උණ හෝ උදරාබාධ වැනි රෝග ඇති බව පවසයි.
  • අසාමාන්‍ය ආහාර පුරුදු හා නින්ද නොයෑම.
  • ස්වයංහිංසනය
  • මිතුරන් ඇසුර ප්‍රිය නොකරයි.
  • අධ්‍යයන කටයුතු සඳහා උනන්දුවක් නොදක්වයි.
  • දුක්මුසු පෙනුම, සියදිවි හානි කර ගැනීම ගැන ප්‍රකාශ කිරීම.
  • අඩු ජනප්‍රියතාවය
  • සමාජ සම්බන්ධතා මඳ වීම.

06. ඔබගේ බැංකු තොරතුරු, රහස්‍ය අංක යනාදිය ලබාදීමේ දී ඉතාමත් ප්‍රවේශම්කාරී විය යුතු ය.


ඔබ වෙත ලැබෙන වෛරස් සහිත ඊමේල් මගින් ඔබගේ පෞද්ගලික තොරතුරු හා රහස්‍ය අංක සොරකම් කළ හැකියි.

සමහර වෙබ් අඩවි මගින් ඔබගේ browserයට යම් යම් දේ එකතු කරනු ලබන අතර, ඇතැම් software වල spyware අඩංගු විය හැක.

අන්තර්ජාලය සැබැවින්ම ඉතාමත් ම අපූර්වජනක අවකාශයකි. මෙහි බුද්ධිමත් ව හා ක්‍රමවත් ව සැරිසැරීම මගින් ලබාගත හැකි ප්‍රතිලාභ අතිමහත් ය. දැනුම, තාක්ෂණය, විනෝදාස්වාදය සහ ජාත්‍යන්තර සබඳතා ඉන් කිහිපයකි.

එනමුත් වංක අරමුණු සහිත පුද්ගලයන් විසින් අන්තර්ජාලය වෙත මුදාහරිනු ලබන දේවල් ද අන්තර්ජාලය තුළ ඇත. නිවැරදි දෑ තෝරා බේරා ගැනීම ඔබ සතු වගකීමකි. නොදන්නා පුද්ගලයන් මිතුරන් ලෙස සම්බන්ධ කර ගැනීමෙන් අනිවාර්යයෙන් ම වැළකිය යුතු ය.

අන්තර්ජාලයට ද ආචාරධර්ම පද්ධතියක් ඇති අතර, ඒවා netiquette ලෙස හඳුන්වයි. මෙමගින් අන්තර්ජාලය තුළ පුද්ගලික ක්‍රියාකාරකම් පමණක් නොව electronic nature (විද්‍යුත් ක්‍රියාකාරම්) ද පාලනය කරනු ලබයි.