Sunday, July 17, 2016

23.*අන්තර්ජාලීය හිංසනය ඕනෑම තැනක දී සිදුවිය හැක.


අන්තර්ජාලීය හිංසනය නාගරික, අර්ධ නාගරික, ග්‍රාමීය යන්න කිසිදු වෙනසක් නොමැති ව ඒ සෑම තැනක දී ම එක සේ ක්‍රියාත්මක වේ. මෙම හිංසනය වැඩි වශයෙන් විශාල පාසල් තුළ සිදුවූවත්, සමස්ත ප්‍රතිශතය සැලකීමේ දී එම පාසල් පමණක් ම ඒ සඳහා දායක නොවේ.


පිරිමි ළමුන් මෙන් ම ගැහැණු ළමුන් ද මෙම හිංසනයන් ඉටුකිරීමට කැමැත්තක් දක්වයි. සමහර සමීක්ෂණ මගින් ගැහැණු ළමුන් අන් අයට සමාජීය වශයෙන් හිංසන සිදුකිරීමට වැඩි කැමත්තක් දක්වන බවට සොයාගෙන ඇත.

කුඩා ළමයෙකු පාසල් බස් රථයක් තුළ අඬන අවස්ථාවක, එය ඡායාරූප ගත කරගත් තවත් ළමයෙක් එය මුහුණු පොතට මුදාහැර ඇත. එම ඡායාරූපය හාස්‍යජනක වූ අතර, එය ශීඝ්‍රයෙන් හුවමාරු විය. මෙයින් එම කුඩා ළමයා ආපසු තම පාසලට යෑම ප්‍රතික්ෂේප කළේය. පසුව දෙමාපියන්, ඔහු ව වෙනත් පාසලකට ඇතුළත් කළ නමුත් ඔහු බොහෝ කාලයක් එම සිදුවීම පිළිබඳ වද වූයේ ය.

තමා පිළිබඳ උසස් ආත්ම විශ්වාසයක් නැති අයෙකුට මෙවැනි හිංසනයක් නිසා බොහෝ දේ අහිමිවීමට ඉඩ ඇත. මෙම සෘණාත්මක ස්වයං ඇගයීම ඔබගේ ජීවිතයේ බොහෝ පැතිකඩ කෙරෙකි බලපෑම් ඇතිකිරීමට ඉඩ ඇත.

මෙවැනි හිංසනයන් සිදුකරන්නන්ට තමන් පිළිබඳ කිසිඳු යහපත් හැඟීමක් නොමැති අතර අන් අය යටපත් කර තමන් වෙත බොරු ශක්තියක් ආරෝපණය කරගැනීමට උත්සාහ ගනී. මෙවැනි පුද්ගලයන් සමඟ වාද කිරීමේ ප්‍රතිඵලය වන්නේ තව තවත් අපහාස විඳීමට සිදුවීමයි.

No comments:

Post a Comment