Sunday, July 17, 2016

24. අන්තර්ජාලීය හිංසනය තුරන් කරන්නේ කෙසේ ද? *

අන්තර්ජාලීය හිංසනය යන්න කුමක්දැයි දන්නා වූ අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කළ යුතුය.

ශිෂ්‍යයින්, ගුරුවරුන් හා දෙමාපියන් අතර මේ පිළිබඳ විවෘත සංවාදයක් ඇතිවීමට උනන්දු කළ යුතුය.

අන්තර්ජාලීය හිංසන, විරෝධි ක්‍රියාමාර්ග හා ප්‍රකාශ පිළිබඳ පුළුල් ප්‍රසිද්ධියක් ලබාදිය යුතු ය.
මෙමඟින් එවැනි නරක හැසිරීම් වලින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳ, සිසුන් දැනුවත් වේ.


අන්තර්ජාලීය හිංසනය පිළිබඳ පැමිණිලි මත සුදුසු හා ඵලදායි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

සුදුසු විසදුමක් ලබාගැනීමට  හිංසනය සිදුකරන තැනැත්තා හා එයට භාජනය වූ තැනැත්තා යන දෙදෙනා සඳහා ම උපදෙස් ලබාදිය යුතු වේ. වසඳුම් ලබාදීම සඳහා අධීක්ෂණ වැඩසටහන් ද ක්‍රියාත්මක කළ යුතුය.


හිරිහැර සිදුවන විට ඒ පිළිබඳ දෙමාපියන් දැනුවත්කළ යුතුය.

එමෙන් ම සමාජ ජාල වෙබ් අඩවිවල "Private Setting" පිළිබඳව ද සිසුන් දැනුවත් විය යුතුය.

දෙමාපියන් තම දරුවන් පිවිසෙන වෙබ් අඩවි පිළිබඳව සහ අන්තර්ජාලීය සන්නිවේදනය පිළිබඳ සැළකිලිමත් විය යුතුය.


අන්තර්ජාලීය හිංසනයට භාජනය වූ දරුවෙකු සාමාන්‍ය තත්වයට පත් වීම සඳහා පාසල් උපදේශකයකුගේ උපකාරය ලබාගත යුතුය.

විමර්ශන කටයුතු සිදු කිරීමේ දී හිංසනය සිදුකරන තැනැත්තා ඉදිරිපිට ප්‍රශ්න නොකළ යුතුය.

මෙවැනි ප්‍රශ්නයක් පිළිබඳ පන්තියේ සිසුන් දැනගත් විට, මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් අයෙකුට ඇතිවන හැඟීම් පිළිබඳ හා එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කළ යුතුය.

දෙවැනි අවස්ථාවේ දී ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකළ යුතුය.එසේ නොවුවහොත් එය දිගින් දිගටම සිදුවිය හැක. හිංසන සැළකූ විට එයින් විශාල ප්‍රතිශතයක් වන්නේ පන්ති කාමර තුළය. එනිසා මෙවැනි හැසිරීම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය.

No comments:

Post a Comment