තරුණ තරුනයින් අන් කිසිවෙකුට වඩා "online chat" වල යෙදෙයි.
ඔවුන් facebook, viber, whatsapp ආදී බොහෝමයක් මේ සඳහා යොදා ගනී. ඔවුන් මිතුරන්, ගුරුවරුන්, දෙමාපියන් ආදී බොහෝමයක් සමඟ මෙමගින් සංවාදයේ යෙදෙයි. සමහර මෙවලම් ක්ෂණික පණිවුඩ (හඬ), ඡායාරූප හා වීඩියෝ දර්ශන සඳහා ඉඩ ලබාදේ.
මෙවැනි නියැලුම් භාවිත කිරීමේ දී නිතරම අන්තර්ජාලීය හිංසනය සහ cyber stalking අත්විදීමට සිදු වේ. මෙය නුසුදුසු සහ ගැටළුසහගත පණිවිඩ යැවීමට බාවිතා කල හැක.
මෙවැනි නියැලුම් භාවිත කිරීමේ දී වැරදි පුද්ගලයන් වෙත වැරදිමකින් පණිවිඩ යැවීමෙන් ගැටළු නිර්මාණය කිරීමට ද ඉඩ ඇත.
ප්රවේශම් නොවේ නම්, වෛරස් ද යැවිය හැක. යමක් වැරදුණහොත් IMඅනුරේඛනය කිරීම, email භාවිතයට වඩා අපහසු වේ. ඊට හේතුව නම් මේවා සාම්ප්රදායික ශීර්ෂ භාවිත කිරීමයි. IM ගිණුම් බොහෝ නිදහස් වෙබ් අඩවි පදනම් කරගත් ගිණුම් මෙන් පහසුවෙන් විවෘත හෝ වසා දැමිය හැක. ඔබ ඇත්තට ම කවුද යන්න සාක්ෂියක් ඇති නොවේ.
IM භාවිතය තහනම් කිරීම හොඳ ක්රියාමාර්ගයක් නොවේ. එවිට තරුණ තරුනයින් ඔවුන් හුදකලා වූ බවක් හැඟේ. එවිට තම ප්රජාව තුළ සිදුවන්නේ කුමක්දැයි යන්න ඔවුන්ට දැන ගත හැකි නොවේ. එහිදී නාඳුනන අය සඳහා ප්රතිචාර නොදැක්වීම මෙන් ම අවභාවිතයන් පිළිබඳ වාර්තා කිරීම ද වැදගත් වේ.
No comments:
Post a Comment