Friday, October 23, 2015

(18) පාසල් වල සිදුවිය යුත්තේ කමක්ද?

අන්තර්ජාලීය හිංසනය වැලැක්වීම සදහා පාසල් පාසල් පද්ධතිය තුළ නව තාක්ෂණය භාවිතා කිරීමට උනන්දු කළ යුතු අතර ඒ සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කල යුතු ය. ජාතිය, ආගම, භාෂාව හෝ වෙනත් මොනය හේතුවක් පදනම කරගෙන තවෙකකුට වෙනස්කම් කිරීමක් සිදු නොකළ යුතය. ස්ත්‍රි පුරෂ භාවය, දේශපාලන මතිමතාන්තර යන කිසිවක් මත වෙනස්කම් සිදු නොවිය යුතුය.
  • සිසුන්ගේ අයිතිවාසිකම සහ වගකිම්.

  1. ශිෂ්‍යයා නිදහස් ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් පිළිගත යුතුය.
  2. පාසල විසින් තීරණය කරන සීමාවන් තුල සමාජ වෙබ අඩවි භාවිතා කිරිමේ අයිතිය තිබිය යුතය.
  3. සිසුවෙක් අනෙක් සිසුවෙකුගේ අයිතිවාසිකම් වලට ගරුකළ යුතු අතර ඔහුගේ පෞද්ගලිකත්වයට අත නොගැසිය යුතුය.
ඉහත කී කාරණා උල්ලංඝණය වන අවස්ථාවල සාක්ෂි සහිතව පාසල් බලධාරීන්ට වාර්තා කළ යුතුය.
  • ගුරවරුන්ගේ අයිතිවාසිකම හා වගකීම්.
  1. ගුරුවරයෙකු ස්වාධීන පුද්ගලයෙකු වශයෙන් පිලිගනු ලැබමේ අයිතිය ඇත.
  2. ගුරුවරන්ට අන්තර්ජාලය තුළ සිසුන් විසින් සිදු කරන ක්‍රියාකාරකම් පිළිබද විමසීමේ හා උපදෙස් දීමේ අයිතිය ඇත.
  3. අන්තර්ජාල හිංසනයෙන් තොර පරිසරයක් පාසල තුළ ඇති කිරීම ගුරුවරන්ගේ වගකීමකි.
  4. අන්තර්ජාල හිංසනය පිළිබද ගුරුවරන් විසින් සිසුන් දැනුවත් කළ යුතුය.
  5. යමෙකුට , තවකෙනෙකුගේ කරදර හා ප්‍ර‍ශ්න පිලිබද සංවේදී වීමට පුරදු කළ යුතුය.
  6. ඉහත කරුණු උල්ලංඝනය කරන අවස්ථාවල ඒ පිළිබඳ සොයා බැලීම සහ කටයුතු කිරීම ගුරුවරන්ගේ වගකීමකි.
  • දෙමවුපියන්ගේ අයිතිවාසිකම් සහ වගකීම.

  1. තම දරුවන්ගේ අන්තර්ජාලය තුළ ක්‍රියාකාරකතු පිලිබද සොයා බැලිමෙ අයිතිය දෙමාපියන් සතුය.
  2. තම දරුවන්ට හිරිහැර වන ආකාරයෙන් සිදුවන ක්‍රියාකාරකම් පිලිබඳ සොයා බැලිමේ වගකිම දෙමාපියන් සතුය.
  3. තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීමෙ දෙමාපියන්ගේ වගකීමකි.
  4. ඉහත කරුණු උල්ලංඝනය කරන අවස්ථාවල ඒ පිළිබඳ සොයා බැලීම සහ කටයුතු කිරීම දෙමාපියන්ගේ වගකීමකි.

No comments:

Post a Comment