Thursday, October 22, 2015

(30) ක්ෂණික පණිවිඩ (IM)


තරුණ ප්‍රජාව අන් කිසිවෙකට වඩා “online chat ”වල යෙදෙයි. ඔවුන් Facebook, Viber, WhatsApp ආදී බොහෝමයක් මේ සදහා යොදා ගනි. ඔවුන් මිතුරන් , ගුරුවරුන් , දෙමාපියන් ආදී බොහෝමයක් සමග මෙමගින් සංවාදයේ යෙදෙයි. සමහර මෙවලම් ක්ෂණික පණිවිඩ හඩ, ඡායාරප, හා විඩියෝ දර්ශන සදහාද ඉඩ ලබාදේ. අන්තර්ජාලීය හිංසනය සහ cyber stalking  නිතරම මෙවැනි මෙවලම් භාවිතා කිරිමේදී අත්විදීමට සිදුවේ. මෙය නුසුදුසු සහ ගැටළු සහගත පණිවිඩ යැවීමට මෙන්ම ඒවා වැරදි පුද්ගලයන් වෙත යැවීමෙන් ගැටළු නිර්මාණය කිරිමටද ඉඩ ඇත.

ඔවුන් ප්‍ර‍වේශම් නොවේ නම් වෛරස් ද යැවිය හැක. යමක් වැරදුනහොත් IM අනුරේඛනය කිරිම , email භාවිතයට වඩා අපහසු වේ. ඊට හේතව නම් මේවා සාම්ප්‍ර‍දායික ශිර්ෂ භාවිතා නොකිරීමයි. IM ගිණුම් බොහෝ නිදහස් වෙබ් අඩවි පදනම් කරගත් ගිණුම් මෙන් පහසුවෙන් විවෘත හෝ වසා දැමිය හැක. ඔබ ඇත්තටම කවුද යන්න සාක්ෂ්‍යයක් ඇති නොවේ.

IM භාවිතය තහනම් කිරිම හොද ක්‍රියාමාර්ගයක් නොවේ. එවිට තරුණ ප්‍රජාව ඔවුන් හුදකලා වු බවක් හැගේ. එවිට තම ප්‍ර‍ජාව තුළ සිදුවන්නේ කමක්දැයි යන්න ඔවුන්ට දැනගත හැකි නොවේ. එහිදී නාදුනන අය සදහා ප්‍ර‍තිචාර නොදැක්වීම මෙන්ම අවභාවිතයක් පිළිබද වාර්තා කිරිමද වැදගත්වේ.

No comments:

Post a Comment