Friday, October 23, 2015

(24) අන්තර්ජාලිය හිංසනය තරන් කරන්නේ කෙසේද?

අන්තර්ජාලිය හිංසනය යන්න කුමක්දැයි දන්නා අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කළ යුතය. ශිෂ්‍යයින්, ගුරුවරන් හා දෙමාපියන් අතර මේ පිළිබද විවෘත සංවාදයක් ඇතිවීම සදහා කටයුතුකළ යුතුය. අන්තර්ජාලිය හිංසන විරෝධි ක්‍රියාමාර්ග හා ප්‍ර‍කාශ පිළිබද පුළුල් ප්‍ර‍සිද්ධියක් ලබාදිය යුතුය. මෙමගින් එවැනි නරක හැසිරිම වලට ඇතිවන ප්‍ර‍තිවිපාක පිළිබඳ ,සිසුන් දැනුවත් වේ. අන්තර්ජාලිය හිංසනය පිළිබද පැමිණිලි මත සුදුසු හා ඵලදායි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතය. සුදුසු විසදුමක් ලබාගැනිම සදහා හිංසනය සිදුකරන ලද තැනැත්තා හා එයට භාජනය වු තැනැත්තා යන දෙදෙනා සදහාම උපදෙස් ලබාදිය යුතුවේ. විසදුම ලබාදීම අධීක්ෂණ වැඩසටහන් ද ක්‍රියාත්මක කළ යුතුය.
හිරිහැර සිදුවන විට ඒ පිළිබද දෙමාපියන් දැනුවත් කරන්න.
එමෙන්ම සමාජ ජාල වෙබ අඩවිවල privacy settings පිළිබදව ද සිසුන් දැනුවත් විය යුතුය.
දෙමාපියන් තම දරුවන් පිවිසෙන වෙබ අඩවි පිළිබදව සහ අන්තර්ජාලීය සන්නිවෙදනය පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
අන්තර්ජාලීය හිංසනයට භාජනය වු දරුවෙකු තුළ නැවත ස්වයං පාලනය ඇති කිරීම සදහා පාසල් උපදේශකයකගේ උපකාරය ලබාගත යුතුය. විමර්ශණ කටයුතු සිදු කිරිමෙදී හිංසනය සිදුකරන ලද තැනැත්තා ඉදිරිපිට ප්‍ර‍ශ්න නොකළ යුතුය. මෙවැනි ප්‍ර‍ශ්නයක් පිළිබද පන්තියේ සිසුන් දැනගත් විට මෙවැනි තත්වයකට මුහුණ දුන් අයෙකුට ඇතිවන හැගීම පිළිබඳ හා එවැනි අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබද සාකචඡා කළ යුතුය.
දෙවැනි අවස්ථාවෙදී එය පිළිබද පරීක්ෂණයක් සිදුකළ යුතුය. එසේ නොවුවහොත් එය දිගින් දිගටම සිදුවිය හැක. හිංසන සැලකුවිට එයින් විශාල ප්‍ර‍තිශතයක් ආරම්භ වන්නේ පන්ති කාමර තුළයි. එමනිසා මෙවැනි හැසිරීම පිළිබඳ  අවධානයෙන් සිටිය යුතුය.

No comments:

Post a Comment