Friday, October 23, 2015

(25) අන්තර්ජාලීය හිංසනය පිළිබද වාර්තා වු විට

සියලුම වාර්තා බරපතල ලෙස සැලකිල්ලට ගෙන විමර්ශන කටයුත සිදුකර අවශ්‍ය පියවර ගත යුතුය. බොහෝ සිසුන් මෙවැනි කරදරයට හසුවු විට ඒ පිළිබදව වාර්තා කිරිමට බියවේ.
ගැහැණු ළමයෙක් බොහෝ කාලයක් තිස්සේ මෙවැනි හිංසනයන්ට භාජනය වුවත්, මෙය පැවසු විට තම දෙමාපියන් තමන්ට සමාජ ජාල වෙබ අඩවි භාවිතය තහනම කරනු ඇතැයි බිය වු බැවින් ඔවුන් හට නොපැවසීය.
මෙවැන දේකට හසුවු තැනැත්තෙකුට බැනිමෙන් වළකින්න. ඒ පිළිබද වාර්තා කිරිම සදහා ධෛර්ය ලබාදෙන්න මීට පෙර ඔබගේ දෙමාපියන්ට වාර්තා නොකළේ ඇයිදැයි යන්න ඇසීමෙන් වළකින්න. ඔවුන් ආරක්ෂිත බව හගවා උපදෙස් ලබාදෙන්න. ඔබ මෙය වාර්තා කරන ලද බව, හිංසා කරන ලද තැනැත්තා විසින් දැකගනු නොලබන බවට සහතික වන්න. හිංසා කරන ලද තැනැත්තා ඉදිරියේ කෝපයෙන් කටයුතු සිදු නොකළ යුතු අතර වැඩිහිටියන් සමග විවෘත සංවාදයක් පවත්වා ගත යුතුය. පෙරලා සටන් කිරීමෙන් වලකින ලෙසද දැනුවත් කළ යුතුය. බොහෝ සයිබර් හිරිහැර මගින් විශාල මානසික බලපෑමක් සිදු කරයි. මෙවැනි දේකින් කමපනය හෝ මානසික අවපීඩනයට ලක්වුයේ නම ඔවුන් පාසල් උපදේශකවරයෙකු හෝ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතුය.
මෙවැනි ප්‍ර‍ශ්නයක් විසදීමෙදී හිරිහැර කරන ලද තැනැත්තාගේ හැසිරීම පිළිබද අවධානය යොමු කළ යුතුය. බොහෝ විට ඔවුන් මෙවැනි දේකට පෙළඹන්නේ ඔවුන්ගේ යම්කිසි අවශ්‍යතාවයක් සපුරා ගැනිම සදහාය.
  • සම වයසේ කණ්ඩායම් වල අවධානය , කිර්තිය ප්‍ර‍ශංසාව,පිළිගැනිම ලබාගැනිම.
  • අන් අයට නින්දා , අපහාස සිදුකර ඔවුන්ව පාලනය කිරිම.
  • සමාජ,සංස්කෘතික,මානසික හෝ භෞතික වෙනස්කම් පිළිබද අවබෝධක් නොමැතිවීම. මෙවැනි හිංසනයන්ට භාජනය වු ළමුන් පිළිබද අවධානයෙන් සිටිය යුතය. ඔවුන් පිළිබද නිරික්ෂණය කරන බව ඔවුන් විසින් දැක ගත යුතය. ඔවුන්ගේ අනාගත ප්‍ර‍තිඵල ගැන තහවුරු කළ යුතුය.
තම දරුවා විදින ඕනෑම හිරිහැර තත්වයක් පිළිබද දෙමාපියන් දැනුවත් විය යුතු අතර ඔවුන් එම තත්වයන්ගෙන් මුදවා ගැනිමෙ ප්‍ර‍ධාන භමිකාව ඇත්තේද ඔවුන් අතය.

No comments:

Post a Comment