Friday, October 23, 2015

(28) ව්‍යාජ ගිණුම

බොහෝ ක්‍ර‍ම මගින් ව්‍යාජ ගිණුම හදුනාගත හැක.
ඡායාරප පරීක්ෂා කර බලන්න. එය එම පුද්ගලයා ගැනද යන්න විමසා බලන්න.
මිනිසුන් ව්‍යාජ ගිණුම සකස්කරන්නේ ඇයි?
  1. සමාජ ජාල පරීක්ෂා කර බැලීමට
  2. අබිසෙත විනෝදයක් ලබා ගැනිමට
  3. Facebook
  4. දේශපාලන කටයුතු පිළිබද post කිරිමට
  5. යමෙකට අපහාස කිරිමට
  6. යමෙකුට අනන්‍යතාව සොරකම කිරිමට
  7. කෙනෙකු හැසිරවීමට
  8. ආදර සමබන්ධතාවක් ආරමභ කිරිමට
  9. නව මිතුරන් ඇති කර ගැනිමට

ඔවුන් බොහෝ විට මුදල් , දේපළ ආදී වස්තුන් නිසා මිතරන් බවට පක්වීමට පෙලබේ. ඔබෙ අනන්‍යතාව හෝ වැදගත් තොරතුරු සොරකම් කරගෙන එමගින් යමෙක් ඔවුන්ට අවැසි ලෙස හැසිරවීමට භාවිතා කළහැක.
ආගන්තුක අය සමග කතා කිරිමෙන් වලකින්න. Friend request අනුමත කිරිමට පෙර දෙවරක් සිතාබලන්න.
තවත් සමහරෙක් අළුත් මිනිසුන් මුණගැසීම විහිළුවක් බවට පත්කරගනීයි. ඔවුන්ගේ ප්‍ර‍ශ්න අසන්න. ඔබට මගේ මිතුරෙක බවට පත්වීමට අවශ්‍ය වන්නේ ඇයි?
ඔබ මා ගැන සොයන්නේ කෙසේද?
ඔබට අනන්‍ය යාළුවන් සිටිනම් ඔවුන්ගෙන්ද එම පුද්ගලයා පිළිබද විමසන්න.
රහස් පරීක්ෂක වැඩ ටිකක් කරන්න. ඔවුන්ගේ profile එකේ විස්තර සැලකික්ලෙන් පරීක්ෂා කරන්න. පාසල, රැකියාව, ලිපිනය, අනෙකත් විස්තර ආදිය ගැලපේදැයි පරීක්ෂා කර බලන්න. එවුන් කුමන ආකාරයේ අන්තර්ගතයක් සහිත දේ post කර ඇත්දැයි බලන්න. Profile picture එක පරීක්ෂා කර බලන්න. එමගින් ඔවුන්ගේ ආකල්ප හා විශ්වාසය පිළිබද දැකගත හැක. Profile Picture එක download කර එය එය පිළිබද Google මගින් search කරන්න. එවිට එය අයත්වන්නේ වෙන කෙනෙකට නම ඔබට දැනගත හැක.

ඔවුන්ගේ නම Google  එකේ search කර ලැබෙන්නේ කමක්දැයි කියා බලන්න.
ඔවුන්ට සුලබ නමක් තිබෙ නම , ඔවුන්ගේ වාසස්ථානය වයස ආදී වැදගත් තොරතර රැස්කරගන්න.
ඔවුන්ව tagg කර තිබෙද? ඔහු සැබෑ කෙනෙක් නම් facebook මිතරන් විසින් ඔහුට කුමන

හෝ tag කර තිබිය යුතයි.

ඔවුන් දෙශීයද විදෙශිකද යන්න දැනගැනීම සදහා ඔවුන්ගේ මිතරන් පරීක්ෂා කර බලන්න.
ඔවුන්ට වැඩිපුර තම රටේ මිතරන් සිටි නම් ව්‍යාජ ගිණුමක් නොවිය හැක. නමුත් වැඩිපුර වෙනත්
රටවල මිතරන් සිටි නම් ව්‍යාජ ගිණුමක් විය හැක.

අන්තර්ජාලයේ ගැහැණු ළමයකු ලෙස පෙනී සිටීන පුද්ගලයින් බොහෝ විට.අැය ඔබේ පින්තූර දුටුවා එ්වා යෙහි ඔබ ලස්සන යැයි කියමින් කතා කිරීම අරඹයි.


ඔබට යම් අයකු පිළිඹඳ විශ්වසනීය හැගීමක් නොමැති නම් එම ... එක Block කරන්න.

එම පුද්ගලයාගේ Facebook නම මත Click කර එම පුද්ගලයාගේ Timeline එකට යන්න.දකුණු පස Cover Photo එකට යටින් තිබෙන තිත් තුන Click කර block Click කරන්න.ඉන්පසු confirm Click කර ok lick කරන්න.

ඔබට ඔවුන් කතාකිරීමෙන් හෝ සම්බන්ද වීමෙන් සම්පූර්ණයෙන් ම  block කළ හැකිය.

එම පුද්ගලයා ඔබට තර්ජනයක් හෝ වැරදි ක්‍රියාවක යෙදෙන්නෙකු යැයි ඔබට සිතෙන්නේ නම් එම profile එක Facebook වෙත report
කරන්න

මිතුරන්ගේ මිතුරන්

සමනහරුන් කළාව තාක්ෂණික සමාජීය හා වෘත්තීමය කරුණු මත මිතුරු විමට  ඉල්ලා සිටිණු අැත. ඔවුන්ට පරීක්ෂා කිරීමේ කාළ සීමාවක් ලබා දී එම පුද්ගලයා ගේ post හා share කරන දෙ නිරීක්ෂණය කරන්න.ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් හෝ එම පුද්ගලයා සමග වැඩිප‍ුර chat කිරීමෙන් වලකින්න.

එම පුද්ගලයාට ඔබ අකමැති නම් Unfriend කරන්න.ඔබ හොදින් නොහදුනන නව මිතුරන් හදුනා ගැනීමට කාලය ගන්න.

එකිනෙකට සම්බන්ද වූ ව්‍යාජ profile වලින් ප්‍රවේෂම් වන්න.

එකිනෙකට සම්බන්ද වූ ව්‍යාජ Facebook ගිණුම් කීපයක් සාදගන. එකිනෙකට වෙනස් පුද්ගලයින් හා එම ව්‍යාජ Facebook ගිණුම් වල මිතුරන් ලෙස පෙනීසිටිමින්.ඔබ සමග මිතුරු වීමට තැත් කිරීම සුලභ කරුණකි.

හොඳම උදාහරණක් වන්නේ නතාලියා බර්ගස් ගේ කතාවයි
අැය ව්‍යාජ Facebook ගිණුවම් කීපයක් සාදගන බෝහෝ තරුනයින් ව මුලා කර අැත.පහත වීඩියෝවේ අැය පිළිඹඳ සම්පූර්ණ කතාව අැත.

https://www.youtube.com/watch?v=aeXEsuH0e0c

යෞවනයින් ලෙස පෙනීසිටින වැඩිහිටියන් යෞවුවනයින් නෙදන්නා පැරනි සිදුවීම් සඳහන් කිරීමට ඉඩ අැත. ඒෙමන්ම යම් විශයන් පිළිඹඳ යෞවනයකුට තිබිය හැකි දැණුමට වඩා වැඩි දැනුමක් තිබේ යැයි පෙනිය හැක.එම පුදිගළයා පවසන දේ පිළිඹඳ සැළකිලිමත් වන්න.අවසානයේදී යම් අවස්ථාවක එම පුදිගළයා අතින් කියැවෙන දෙයකින් ඔබේ සැකය තහවුරු වනු අැත.

බොහෝ විට ව්‍යාජ ගිණුම් වෙන කෙනෙකුගේ ජීවිතය සහ හැඟීම් සමඟ සෙල්ලම් කිරීමට තැත් කරයි. ඔබ නාදුනන පුද්ගලයෙකු හදිසියේම ඔබට ආදරෙය ප්‍රකාෂ කළ හොත් එය සැක සහිත ගිනුමකි එවිට එම ගිනුම unfriend කරන්න.

ඔවුන් ඔබේ පින්තූර ඉල්ලා සිටින්නේ නම්, විශේෂයෙන්ම අසභ්‍ය පින්තූර  ඉල්ලා සිටින්නේ නම් පරෙස්සම් වෙන්න. එම ගිනුම ව්‍යාජ වීමට වැඩි ඉඩක් අැත. යම් පුද්ගලයකු සමග මිතුදම පත්වාගන යාමෙන් ඔබව අපහසුතාව වට පත්වන බව හැගේ නම්. එම මිතුරන් unfriend කරන්න.එය ව්‍යාජ ගිනුමක් නම් report කරන්න.

ඔබ අන්තර්ජාලයට එකතු කරන තොරතුරු සහ අන්තර්ජාලය හරහා නාදුනන පුද්ගලයන්ට කියන දෙ ගැන සැමවිටම සැලකිලිමත් වන්න.සමහර පුද්ගලයින් ප්‍රරමාණවත් තොරතුරු ලබා ගන්නා තුරු ඔබේ මිතුරකු සේ පෙනී සිට තොරතුරු ලබා ගත් පසුව ඔබව අවමාන තර්ජනයට ලක් කරයි.

ඔබ අන්තර්ජාලය හරහා පුද්ගලයකුට කොපමණ සමීප වූවත්.ඔබ එම පුද්ගලයාව අදුරන්නේ නැති නම් කිසි විටෙකත් එම ද්ගලයාව පෞද්ගලික තොරතුරු ලබා දීමෙන් වලකින්න.

No comments:

Post a Comment