Friday, October 23, 2015

(23) අන්තර්ජලීය හිංසනය ඔනෑම තැනකදී සිදුවිය හැක.

අන්තර්ජාලීය හිංසනය, නාගරික, අර්ධ නාගරික,ග්‍රාමීය යන්න කිසිදු වෙනසක් නොමැතිව ඒ සෑම තැනකදීම එක සේ ක්‍රියාත්මක වේ. මෙම හිංසනය වැඩි වශයෙන් විශාල පාසල් තළ සිදුවුවත් සමස්ත ප්‍ර‍තිශතය සැලකීමෙදී විශාල පාසල් පමණක්ම ඒ සදහා දායක නොවේ. පිරිමි ළමුන් මෙන්ම ගැහැණු ළමුන්ද මෙම හිංසනයන් සිදුකිරිමට කැමැත්තක් දක්වයි. සමහර සමීක්ෂණ මගින් ගැහැණු ළමුන් අන් අයට සමාජීයිය වශයෙන් හිංසන සිදුකිරිමට වැඩි කැමැත්තක් දක්වන බවට සොයාගෙන ඇත.
කුඩා ළමයෙකු පාසල් බස් රථයක් තුළ අඩන අවස්ථාවක එය ඡායාරප ගත කරගත් තවත් ළමයෙක් එය මුහුණු පොතට මුදාහැර ඇත. එම ඡායාරපය හාස්‍යජනක වු අතර එය සීඝ්‍රයෙන් හුවමාර විණි. එම කුඩා ළමයා ආපසු තම පාසලට යෑම පවා ප්‍ර‍තික්ෂේප කරන ලදි. දෙමාපියන් විසින් ඔහුව වෙන පාසලකට ඇතුලත් කරන ලද නමුත් ඔහු බොහෝ කාලයක් එම සිද්ධිය පිළිබද විදවන ලදි.
තමා පිළිබද උසස් ආත්ම විශ්වාසයක් නොමැති අයෙකුට මෙවැනි හිංසනයක් නිසා ජිවිතයේ බොහෝ පැතිකෙරෙහි බලපෑම ඇති වීමට ඉඩ ඇත.
මෙවැනි හිංසනයක් සිදුකරන්නට තමන් පිළිබද ම කිසිදු යහපත් හැගිමක් නොමැති අතර අන් අය යටපත්ක් කර තමන් වෙත බොරු ශක්තියක් ආරෝපනය කරගැනිමට උත්සාහ ගනී. මෙවැනි පුද්ගලයන් සමග වාද කිරිමේ ප්‍ර‍තිඵලය වන්නේ තම තමන් අපහාස විදීමට සිදුවීමයි.

No comments:

Post a Comment