Friday, October 23, 2015

(27) අන්තර්ජාලය භාවිතා කරන්නන් සදහා ඉගි කිහිපයක්.

  1. ඔබෙ නිවසේ ලිපිනය හෙළි නොකරන්න.
  2. මුරපද භාවිතය, ගිණුම, ජංගම දුරකථන, e-mails ඇතළු සියලු දේ ආරක්ෂා කරයි
කෙනෙකුට පහසුවෙන් අනුමාන කළ හැකි මුරපදයක් භාවිතා නොකරන්න. සමීක්ෂනයක් මගින් බොහෝ මිනිසුන් තමන්ගේ උපන්දිනය ,සුරතල් සතාගේ නම ආදී ලෙස ඉතාමත් පහසුවෙන් අනුමාන කළ හැකි මුරපද භාවිතා කරයි. අඩුම තරමෙ characters 8 ක්වත් ඇති මුරපදයක් භාවිතා කරන්න. ඔබෙ මුරපදය නිතරම වෙනස් කළයුතු අතර වෙනත් කිසිවෙකු සමග හුවමාරු කිරිමෙන් වළකින්න.

  1. ඔබෙ රහස් ප්‍රශ්න සදහා පහසුවෙන් පිලිතුරු දිය යුතු නැහැ.

  1. ඔබෙ නම සහ දුරකථන අංකය භාවිතා කරමින් අන්තර්ජාලය search  කිරිමෙන් වළකින්න. ඔබ ගැන තොරතුරු කිසිවක් අන්තර්ජාලයේ නොවපතින්නට වගබලා ගන්න. නැතහොත් යමෙකුට ඔබගේ විස්තර භාවිතා කරමින් ව්‍යාජ facebook ගිණුමක් හෝ blog එකක් නිර්මාණය කළ හැක.
  2. ඔබගේ විස්තර දැනගැනිම සදහා ලැබෙන දුරකථන ඇමතුම්, emails ආදිය පිළිබද සැලකිල්ලෙන් යුතව ක්‍රියාකරන්න. බැංකු caller ID එකට සමාන caller ID එකකින් ඔබට ඇමතුම් ලැබිය හැක. බැංක නියෝජිතයෙක් ලෙස පෙනි සිටිමින් ඔබගේ credit card නොම්මරය , ජංගම දුරකථන අංකය ආදී පෞද්ගලික තොරතුරු cyber stalker කෙනෙකුට පහසුවෙන් ලබා ගත හැක. ඔබට යමක් ගැන සැක සහිත නම් වහාම ආයතනය අමතන්න. එමගින් cyber stalker කෙනෙක්ගේ ඉලක්කයක්ද , නැත්ද යන වග දැන ගත හැක.

  1. ඔබ කිසිවිටෙකවත් අවශ්‍ය කුමකටද? ඇයිද? යන්න තහවුර නොවෙනම් ඔබගේ ජාතික හැදුනුමපත් අංකය ලබාදීමෙන් වළකින්න.
  2. ඔබ අන්තර්ජාලයෙන් ගණුදෙණු කිරිමට credit භාවිතාකරන්නේ නම්,වාර්තාව නිතර පරික්ෂා කරන්න.

  1. ඔබේ සහකරු, සහකාරීය හෝ පෙම්වතා ,පෙම්වතියගෙන් ඉවත්වනවා නම් ඔවුන්ට අනුමාන කළ නොහැකි වනසේ මුරපද , සියල්ල වෙනස් කරන්න. ඔබට සැකසහිත දුරකථන ඇමතුමක් ලැබෙ නම් බැංකුවට පැහැදිලි කළ නොහැකි සේ ගිණුමක් ඇතිනම් එය cyber stalker කෙනෙකගේ ක්‍රියාත්මක විය හැක. එවිට ඔබගේ ගිණුම හා බැංකුව සැකවින් වෙනස් කළ යුතය.

  1. ඔබ එවන් යමෙකුගේ ඉලක්කයක් බවට සැක සහිත නම් ඔබ වෘත්තියවෙදියෙක්ව ගෙන්නා ඔබගේ පරිගනකය පරීක්ෂා කරන්න. ඔබ දැනටමත් cyber stalking සිදුවීම් අත්විද ඇත්නම් ඔබෙ පරිගනකයට හානි සිදුවී තිබිය හැක. එවැනි අවස්ථාවකදී virus, spyware, key loggers ආදීය පිළිබඳ ඉතාමත් හොදින් දන්නා කෙනෙක ලවා පරිගණකය පරීක්ෂා කළයුතය.

  1. ඔබට cyber stalk ප්‍ර‍ශ්නයක් තිබේ නම් කාලය, ස්ථානය, අවස්ථාව යනාදිය පිළිබද සටහන් තබා ගන්න. ඔබ හැකි ඉක්මනින් මෙ සදහා සුදුසු ක්‍රියාමාර්ග ගැනිමෙන් ඔවුන්ට තවදුරටත් එවැනි දේ කිරිමෙ උනන්දුව අඩුවේ.

No comments:

Post a Comment